ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාරදුන් එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතාගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥයින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, කුමුදිනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
අදාළ පෙත්සම ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක මහතා විසින් ඉදිරිපත් කර තිබුණා.