බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජය මුජි­බුර් රහ්මාන් සැම­රුම් දිනය ඉවත් කරයි

බංග්ලා­දේ­ශයේ නිද­හස් අර­ග­ලයේ ඉති­හා­සයේ වැද­ගත් සංධි­ස්ථාන ඇතුළු ජාතික මට්ටමේ නිවාඩු දින රැසක් අව­ලංගු කිරී­මට එරට අන්ත­ර්වාර රජය තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට නිර්මා­තෘ­ව­රයා ලෙස සැල­කෙන මුජි­බුර් රහ්මාන් බංග්ලා­දේ­ශ­යට නිද­හස ලැබී­මෙන් පසු පළමු වරට ජාතිය ඇමතූ මාර්තු 7 වැනිදා, මාර්තු 17 වැනි­දාට යෙදී ඇති ඔහුගේ ජන්ම දිනය සහ මුජි­බුර් රහ්මාන් ඇතුළු ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන් ඝාත­නය කරනු ලැබූ අගෝස්තු 15 වැනි­දාට යෙදී ඇති ජාතික ශෝක දිනය ද අව­ලංගු කළ ජාතික නිවාඩු දින අතර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අන්ත­ර්වාර රජය මෙවැනි පිය­ව­රක් ගෙන ඇත්තේ මුජි­බුර් රහ්මාන්ගේ ශ්‍රේෂ්ඨ­ත්වය බංග්ලා­දේශ ඉති­හා­ස­යෙන් ඉවත් කිරී­මට බව එරට අවාමි ලීග් පක්ෂයේ සහ මුජ්බුර් රහ්මාන්ගේ දිය­ණිය වන හිටපු අග­මැ­ති­නිය ශෙයික් හසී­නාගේ පාක්ෂි­කයෝ චෝදනා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.