ඉරාන අාධ්‍ය­ාත්මික නාය­ක­යාගේ ‘එක්ස්’ ගිණු­මක් අත්හි­ටු­වයි

ඉරා­නයේ අාධ්‍යා­ත්මික නායක අය­තුල්ලා අලි කමේ­නිට අයත් එක්ස් සමාජ මාධ්‍ය ගිණු­මක් අත්හි­ටවූ බව එම සමා­ගම ඊයේ නිවේ­ද­නය කර ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කාවේ ප්‍රකෝ­ටි­පති ව්‍යාපා­රික ඉලෝන් මස්ක්ට අයත් එම සමා­ගම ඉරාන නාය­ක­යාගේ ගිණුම අත්හි­ටු­වී­මට පිය­වර ගෙන ඇත්තේ එම සමාජ මාධ්‍ය­ජා­ලයේ නීති­රීති උල්ලං­ඝ­නය කිරීමේ හේතු­වෙන් බව ද විදෙස් මාධ්‍ය  වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලය අය­තුල්ලා කමේනි විසින් උල්ලං­ඝ­නය කළ නීති­රීති පිළි­බඳ පැහැ­දිලි කිරී­මක් සිදු නොක­ළද, පසු­ගි­යදා ඊශ්‍රා­ය­ලය විසින් ඉරා­න­යට එල්ල කළ ගුවන් ප්‍රහා­ර­යෙන් පසු අය­තුල්ලා කමේනි සිය එක්ස් සමාජ මාධ්‍ය­ජාලා ගිණු­මෙහි තැබූ සට­හ­නක ආර­ම්භයේ යුදෙව් ජාති­ක­යන්ගේ හීබෘ බසින් පරි­ව­ර්ත­නය කර සට­හන් කළ එක්තරා ඉස්ලාම් ආග­මික වැකි­යක් ඊට හේතු වූ බවට වාර්තා පළ වී තිබේ.

අය­තුල්ලා කමේ­නිගේ සමාජ මාධ්‍ය­ජාලා ගිණු­මක් අත්හි­ටවූ හෝ ඉවත් කළ පළමු අව­ස්ථාව මෙය නොවන අතර, 2023 ඔක්තෝ­බර් 7 හමාස් සංවි­ධා­නයේ ඊශ්‍රා­යල ප්‍රහා­රය ගැන ඔහු විසින් තැබූ සට­හ­නක් හේතු­වෙන් පසු­ගිය පෙබ­ර­වා­රි­යේදී මුහුණු පොතෙන් සහ ඉන්ස්ට­ර්ග්‍රෑම් සමාජ මාධ්‍ය­ජා­ල­යෙන් කමේ­නිගේ ගිණු­මක් ඉවත් කර තිබිණි. 85 හැවි­රිදි ඉරාන අාධ්‍යා­ත්මික නාය­කයා සතු එක්ස් ගිණුම් කිහි­ප­යක්ම ඇති අතර, ඒ සියල්ල ඔහුගේ කාර්යා­ල­යෙන් මෙහෙ­ය­වනු ලබන බව ද වාර්තා වේ.