අමෙරිකාව, චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීම චීනය දැඩි ලෙස හෙළා දකී

චීනයේ තායිවාන ප්‍රදේශය වෙත ඇ.ඩො. 198කෝටි 80 ලක්ෂයක වටිනාකමින් යුත් අවි ආයුධ අලෙවි කිරීමට අමෙරිකාව අනුමැතිය ලබා දීම චීනය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයයෙකු අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහු පෙන්වාදෙන්නේ අමෙරිකාව, තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම, චීනයේ ස්වෛරීභාවයත් ආරක්ෂක ප්‍රතිලාභ‍යත් දැඩිව උල්ලංඝණය කිරීමක් බවයි සඳහන් කර ඇත්තේ.

චීන-අමෙරිකා සබඳතාවට ඉන් දැඩි ලෙස හානි සිදුවීම මෙන්ම තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථායිතාවට ද අවදානමක් ගෙනදෙන බව චීනයේ අදහස වී තිබෙනවා.

තායිවාන ‍බෙදුම්වාදීන්ට බරපතළ වැරදි සංඥාවක් එමගින් නිකුත් කර ඇති බැවින් චීනය අමෙරිකාවේ මෙම ක්‍රියාවට එරෙහිව දැඩි විරෝධය පළ කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා දැනුම් දී ඇති බව සඳහන්.

‘තායිවානය යොදා ගනිමින් චීනයට පීඩා එල්ල කිරීම’ සහ ‘තායිවානය සන්නද්ධ කිරීමෙන් තායිවානයේ ස්වාධීනත්වයට උපකාර කිරීම’ අමෙරිකානු රාජ්‍ය නායකයා සිදුකර ඇති ‘තායිවානයේ ස්වාධීනත්වයට සහාය නොවීමේ’ ප්‍රකාශයට සම්පූර්ණයෙන් පටහැනි ක්‍රියාවක් බවයි චීන බලධාරීන් පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් මෙම ක්‍රියාවන් හමුවේ සිය ස්වෛරීභාවය, ආරක්ෂාව හා ‍භෞමික අඛණ්ඩතාව සුරැකීමට චීනය සූදානම් බව එරට විදේශ අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.