සාරාට ජගත් කාය­ව­ර්ධන පද­ක්කම් 2ක්

නව­සී­ල­න්තයේ ෆෑන් ෆැසි­පික් රෑන්ග්‍ ­රොක් ප්‍රෝ ඒ.එම්. කාය­ව­ර්ධන තර­ගා­ව­ල­යේදී ශ්‍රී ලංකාව නියෝ­ජ­නය සාරා වෙර­ළ­වි­තාන පද­ක්කම් දෙකක් දිනා ගැනි­මට සමත් වූවාය. ලෝක යෝග්‍යතා සම්මේ­ල­නයේ මෙහෙ­ය­වී­මෙන් නව­සී­ල­න්තයේ ඕක්ලන්ඩ් නුවර ඉකුත්දා පැවති තර­ගා­ව­ලි­යේදී සාරා ස්පෝර්ට්ස් මොඩ්ල් සහ ප්‍රෝ මොඩ්ල් යන අංශ දෙකෙන්ම තරග කර එහි ශූරතා දිනා ගත්තාය. ජය­ග්‍ර­හ­ණ­යෙන් අන­තු­රුව කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණි ඇය පිළි­ගැ­නී­මට විශාල පිරි­සක් ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ සිටි­යහ.