ශ්‍රී ලංකා­වට සංචා­රක තහ­න­මක් පනවා නෑ-අමෙ­රි­කානු තානා­ප­තිනි ජුලී චන්ග්

ශ්‍රී ලංකා­වට සංචා­රක තහ­න­මක් පනවා තිබෙන බවට පැතිර යන පුවත් සාවද්‍ය බව ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­ප­තිනී ජුලී චන්ග් මහ­ත්මිය ප්‍රකාශ කරයි. යම් ආර­ක්ෂක තර්ජ­න­යක් සම්බ­න්ධ­යෙන් අමෙ­රි­කානු තානා­පති අංශ දැන­ග­ත­හොත් එම තොර­තුර සම්බ­න්ධ­යෙන් කාර්ය මණ්ඩ­ලය, අමෙ­රි­කානු පුර­වැ­සි­යන් සහ අදාළ රජය දැනු­ම්වත් කිරීම කළ ­යුතු බව ද ඒ සම්බ­න්ධ­යෙන් දෙබිඩි ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය නොක­රන බව ද ඇය පව­සයි. කොළඹ අමෙ­රි­කානු මධ්‍ය­ස්ථා­නයේ පැවති උත්ස­ව­ය­කින් අන­තු­රුව අද­හස් දක්ව­මින් තානා­ප­ති­නිය මේ බව ප්‍රකා­ශ­කර ඇත.

ශ්‍රී ලංකා­වට කාල­ය­කට පෙර හඳු­න්වාදී තිබූ සංචා­රක උප­දේ­ශ­නයේ වෙන­සක් සිදු­කර නොමැති බව පෙන්වා­දුන් තානා­ප­ති­නිය යම් ආර­ක්ෂක තර්ජ­න­යක් සම්බ­න්ධ­යෙන් අමෙ­රි­කානු තානා­පති අංශ දැන­ග­ත­හොත් එම තොර­තුර සම්බ­න්ධ­යෙන් මෙලෙස දැනු­ම්වත් කිරීම ලොව පුරා රාජ්‍ය­තා­න්ත්‍රික කට­යු­තු­වල දී අමෙ­රි­කාව භාවිත කරන පිළි­ගත් ක්‍රම­වේ­දය බව ද සඳ­හන් කළාය.

අරු­ගම්බේ ප්‍රදේ­ශ­යට ඇති තර්ජ­නය සම්බ­න්ධ­යෙන් දැන­ගත් පසු එම දැන­ගත් කරුණු ශ්‍රී ලංකා බල­ධා­රීන්ට දැන්වූ බව පැවසූ ඒ මහ­ත්මිය ඒ සඳහා ශ්‍රී ලංකා බල­ධා­රීන් කඩි­නම් ප්‍රති­චාර දැක්වූ බව ද සිය තානා­පති කාර්යා­ලය මෙරට බල­ධා­රින් සමඟ කාර්ය­ශී­ලිව, දෛනි­කව අද­හස් හුව­මාරු කර­ගන්නා බව ද කීවාය. එසේම ශ්‍රී ලංකාවේ නාය­ක­ත්වය සහ ආර­ක්ෂක නිල­ධා­රීන් සමඟ ඇති සහ­යෝ­ගය අගය කරන බව සඳ­හන් කළ ඇය විනි­වි­ද­භා­ව­යට ඔවුන්ගේ ඇති කැප­වීම විශේෂ වන බව ද පැව­සු­වාය.

අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය විසින් ඉකුත් සති­යේදී ආර­ක්ෂක අන­තුරු ඇඟ­වීම සිදු කළේ, අමෙ­රි­කානු පුර­වැ­සි­යන්ට නැවත දැනු­ම්දෙ­න­තුරු ආරු­ගම්බේ ප්‍රදේ­ශයේ සංචා­රය කිරීම නතර කරන ලෙස පම­ණක් බව කී ශ්‍රී ලංකාවේ ඇමෙ­රි­කානු තානා­ප­ති­නිය කෙසේ නමුත් ශ්‍රී ලංකාව වෙනු­වෙන් නිකුත් කර තිබූ සංචා­රක උප­දේ­ශ­නයේ කිසිදු වෙන­සක් සිදු­කර නොමැති බව ද කීවාය.

එය දෙවැනි මට්ටමේ (Level 2) උප­දේ­ශ­න­යක් වන අතර එය බොහෝ වසර ගණ­නක් පැව­තුණේ ඒ ආකා­ර­යෙන් ම බවත් මාල­දි­ව­යින, ඉතා­ලිය සහ ප්‍රංශය වෙනු­වෙන් නිකුත් කර ඇති සංචා­රක උප­දේ­ශන හා සමාන වන බවත් ඒ මහ­ත්මිය වැඩි­දු­ර­ටත් කියා සිටි­යාය.