බිත්තර මිල ඉහළ යන්නේ නෑ-සත්ත්ව විද්‍යා හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව

බඩඉරිඟු ආන­ය­නය කිරී­මට රජය අව­සර දීමත් සමඟ සත්ත්ව ආහාර මිල අඩු­වීම නිසා ඉදි­රියේදී බිත්තර මිල ඉහළ යෑමක් සිදු නොවන බව සත්ත්ව විද්‍යා හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

දෙපා­ර්ත­මේ­න්තුව සතු සංඛ්‍යා ලේඛන අනුව දෙසැ­ම්බර් මාසය වන­ විට අති­රි­ක්ත­යක් ඇති­වන තර­මට බිත්තර නිෂ්පා­ද­නයේ ඉහළ යෑමක් අපේක්ෂා කරන බවත් මේ නිසා ඉදි­රියේදී බිත්තර හිඟ­යක් ඇති­ වෙ­තැයි අනි­යත බියක් ඇති­ කර ගැනීමේ අව­ශ්‍ය­තා­වක් නොමැති බවත් සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය හේමාලි කොත­ලා­වල මහ­ත්මිය පැව­සු­වාය.

බිත්තර නිෂ්පා­දන මිල ඉහළ යෑමට 80-90 %ක් පමණ බල­පාන්නේ සත්ත්ව ආහාර මිල ඉහළ යෑම බවත් බඩඉරිඟු මිල වැඩි වශ­යෙන් ඒ සඳහා බල­පාන බවත් ඇය කීවාය. මේ වන­ විට බඩඉරිඟු ආන­ය­නය සඳහා රජය අව­සර ලබා දී තිබෙන බවත් ඒ අනුව සත්ත්ව ආහාර මිල අඩු­වී­මක් සිදු­වන බවත් කී කොත­ලා­වල මහ­ත්මිය මෙම තත්ත්වය තුළ සත්ත්ව ආහාර මිල ඉහළ යෑමක් සිදු­වී­මට කිසිදු ඉඩක් නැතැයි ද අව­ධා­ර­ණය කළාය.