පාතා­ලය-මත්ද්‍රව්‍ය ජාවා­රම නඩත්තු කළේ දේශ­පා­ල­න­ඥ­යන් ඒ දේශ­පා­ලන සංස්කෘ­ති­යට තිත තබ­නවා-අග­මැති හරිනි අම­ර­සූ­රිය පව­සයි

මත්ද්‍රව්‍ය ව්‍යාපා­රය හා පාතා­ලය අද වන විට මුළු රට­ටම විශාල ප්‍රශ්න­යක් බවට පත්ව ඇති බවත් ජාතික ආර­ක්ෂා­වට පවා විශාල තර්ජ­න­යක් මෙයින් තිබෙන බවත් මෙතෙක් මේවා නඩත්තු කළේ දේශ­පා­ල­න­ඥ­යන් බවත් අග­මැති හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැවැ­සු­වාය.

ඉකුත්දා (26) අඹ­තලේ ගල්වාන හන්දි­යේදී පැවැති ජාතික ජන බල­වේ­ගයේ ජන හමු­වක් අම­ත­මින් කොළො­න්නා­වේදී අග­මැ­ති­නිය මේ බව කීවාය.

එම පක්ෂයේ කොළො­න්නාව සංවි­ධා­යක එරංග ගුණ­සේ­කර මහතා විසින් එය සංවි­ධා­නය කර තිබිණි.

එදා දේශ­පා­ල­න­ඥ­යන් විසින් නඩත්තු කරන ලද ඒ දේශ­පා­ලන සංස්කෘ­ති­යට තිත තබන බවත් ජාතික ජන බල­වේ­ගයේ අපි පාතා­ල­ය­ට­වත් මත්ද්‍රව්‍ය ජාවා­ර­ම­ට­වත් කිසි­වකු සම්බන්ධ නැති බවත් ඒ නිසා අපට මේ ප්‍රශ්න­යට ඍජු­වම උත්තර හොයන්න කිසිම බාධා­වක් නැති බවත් ඇය කීවාය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මේ වන විට ඊට කට­යුතු කරන ලෙස අදාළ අංශ­ව­ලට උප­දෙස් දී ඇති බව ද ඇය මෙහිදී පැව­සු­වාය.

එහිදී ඇය මෙසේ ද කීවාය.

මේ ධාරා­නි­පාත වර්ෂාවේ වුවත් අද මෙතැ­නට පැමිණි ඔබ අප ගැන තියෙන විශ්වා­සය පෙන්නුම් කර­නවා. අපේ ආණ්ඩු­වක් හරහා ඔබේ ජීවි­ත­ව­ලට වෙන්න තියෙන දේ පිළි­බඳ බලා­පො­රො­ත්තුව අපි හොඳ­ටම දන්නවා. ඔබ අප කෙරෙහි තබා ඇති බලා­පො­රො­ත්තු­වත් විශ්වා­ස­යත් කෙරෙහි අබ මල් රේණු­ව­කි­න්වත් හානි­යක් වෙන්න අප ඉඩ තියන්නේ නැහැ.

ඔබ අද මෙතන ඉන්න විදිය දැක්කම අපේ අධි­ෂ්ඨා­නය තව දහස් වාර­ය­කින් වැඩි වෙනවා. මට පේනවා මෙතන ඉන්නව රතු ඇඳ ගත්ත සහෝ­ද­ර­යෙක්. ඔහු කොප­මණ වෙලා­වක් මඩ වතුරේ කකුල් දෙක තියා­ගෙන ඉන්නවා ද කියා මම දන්නේ නැහැ. මට ආරංචි විදි­යට ඔය සහෝ­ද­රයා 71 ඉඳ­ලම ඔය කැප කිරීම කරල තියෙ­නවා. ඔබ වැනි අය අත්නො­හැර අල්ල­ගෙන ආපු ගමන නිසා තමයි අපට පුළු­වන් වෙලා තියෙන්නේ මේ රටේ අපේම ආණ්ඩු­වක් හදන්න. බොහෝ වධ හිංසා­ව­ලට ලක් වුවත් මේ සහෝ­ද­රයා තම ගමන අත්හැර නැහැ.

2019දීත්, 2020දීත් අපිව 3%ට බැස්සු­වා­මත් පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­වරු තුන් දෙනකු ඉන්න කොටත් අප සටන අත්හැ­රියේ නැහැ. අපේ සහෝ­දර සහෝ­ද­රි­යන්ට ගුටි කන්න, අනේ­ක­විධ අප­හාස විඳින්න සිද්ධ වුණා­මත් අප සටන අත්හැ­රියේ නැහැ. ඒ නිසා­මයි අද අපට මේ රට හදන්න පුළු­වන් කියන බලා­පො­රො­ත්තුව ඇති වෙලා තියෙන්නේ. ඒ හයිය, ඒ ශක්තිය තමයි මේ රට හදන්න අපි පාවිච්චි කරන්නේ. බලන්න මේ වන විට අනෙක් පක්ෂ දිහා. ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ඵල ආවා විත­රයි, ඒගොල්ලෝ සටන අත්හැ­රලා. ඒ අයට තමන් ගැන­වත් විශ්වා­ස­යක් නැහැ. නැවත ගොඩ­නැ­ඟෙන්න ඕනෑ කියලා උව­ම­නා­ව­කුත් නැහැ. ඒ කියන්නේ ඔවුන් මේකේ ඉඳලා තියෙන්නේ රට ගැන දැක්ම­කි­න්වත් කැක්කු­ම­කි­න්වත් නෙවෙයි.

අද ඒ පක්ෂ­ව­ලින් භාගෙට භාග­ය­ක්වත් තරග කරන්නේ නැහැ. පරා­ජය දැන­ගත්ත මොහො­තෙම වැඩේ අත්හැ­රල ඉව­රයි. මෙහෙම පිරි­ස­කට ද මේ තරම් කාල­යක් රට භාර දීලා තිබුණේ. කිසිම හයි­යක් නැති කොන්දක් නැති අය. නාය­කයො කිය­න්නත් බැහැ. මහ­ජන නියෝ­ජි­තයො කිය­න්නත් බැහැ. අපට දැන් අවශ්‍ය නොවැ­ම්බර් 14 වැනිදා මේ පාර්ලි­මේ­න්තුව ශුද්ධ කිරීමේ කාර්යයි. ජන­තා­වට වැඩ කරන පාර්ලි­මේ­න්තු­වක් බවට පත් කරන්න ඕනෑ. ඒ සඳහා අපි රට පුරාම හොඳම පිරි­සක් ඉදි­රි­පත් කරලා තියෙ­නවා. කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් ඔබේ පළාතේ එරංග ගුණ­සේ­කර සහෝ­ද­රයා පත් කරලා එවන්න ඔබට වග­කී­මක් තියෙ­නවා. අප කොච්චර බිම­ටම වැටුණු වෙලා­වෙදී වුණත් ඒ අධි­ෂ්ඨා­නය අත්හැ­රියේ නැති ප්‍රධාන හේතු දෙකක් තියෙ­නවා. එකක් මේ රට ගැන අපට තියෙන විශ්වා­සය සහ පුර­වැ­සි­යන් පිළි­බඳ තියෙන ආද­රය. මේ රටේ ජන­තා­වට මීට වඩා හොඳ ජීවි­ත­යක් හොඳ සමා­ජ­යක් ලැබිය යුතු නිසා ඒ සිහි­නය, අර­ග­ලය කිසි විටෙ­කත් අත්හැ­රියේ නැහැ යැයි ද කීවාය.