නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන්න තැපෑලේ 8,000ක්

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා­හැ­රීම සඳහා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ 8, 000ක පමණ සේවක පිරි­සක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත රණ­සිංහ මහතා පැව­සීය.

මේ වන­විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කර ඇති බව කියා සිටි ඒ මහතා ඒ අනුව කොළඹ හා වන්නි දිස්ත්‍රි­ක්ක­වල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා­හැ­රීම ඊයේ (28) ආරම්භ කළ බව ද පැව­සීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සමඟ ලබා­දිය යුතු ගෘහ දැන්වීම් පත්‍රිකා මැති­ව­රණ කොමි­ස­මෙන් තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා නොදීම හේතු­වෙන් එම දිස්ත්‍රික්ක දෙකෙහි අදාළ කට­යුතු ආරම්භ කිරී­මට නොහැකි වූ බව ද හෙතෙම කියා සිටි­යේය.

මේ වන විට මැති­ව­රණ කොමි­සම මඟින් අදාළ ගෘහ දැන්වීම් පත්‍රිකා ලබා දී ඇති බවත් ඒවා නිය­මිත තැපැල් ස්ථාන වෙත යොමු­කර ඇති බවත් ඔහු සඳ­හන් කළේය.

මෙවර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා­හැ­රීම පෙරේදා (27) ආරම්භ කෙරිණි.

ලබන 07 වැනි­දා­යින් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැ­බුණ අයෙක් ඇත්නම් ළඟම පිහිටි තැපැල් කාර්යා­ල­යෙන් ලබා­ගත හැකි බව ද මැති­ව­රණ කොමි­සමේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා සඳ­හන් කළේය.