නැඟෙ­න­හිර ආණ්ඩු­කා­ර­වයා පාස­ල්වල සංව­ර්ධන නිල­ධා­රින්ගේ ගැටලු සොයයි

නැඟෙ­න­හිර පළාතේ පාස­ල්ව­ලට අනු­යු­ක්තව සේවය කරන සංව­ර්ධන නිල­ධා­රින් රාජ­කාරි කට­යු­තු­ව­ලදී මුහුණ දෙන ගැටලු සම්බ­න්ධ­යෙන් විශේෂ සාක­ච්ඡා­වක් ආණ්ඩු­කාර මහා­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා හා සංව­ර්ධන නිල­ධා­රින් අතර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පැවැ­ත්විණි.

පස්වරු දෙකට පාසල් අව­සන් වීමෙන් පසු සවස හත­රයි පහ­ළොව දක්වා පාසලේ රැඳී සිටීම සංව­ර්ධන නිල­ධා­රින් මුහුණ දී ඇති ප්‍රධාන ගැට­ලුව බව ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ අව­ධා­න­යට යොමු කෙරිණි. සංව­ර්ධන නිල­ධා­රින් ශ්‍රී ලංකා ගුරු සේව­යට අනු­යුක්ත කිරීම සඳහා ගෙන ඇති ක්‍රියා­මාර්ග කඩි­නම් කරන ලෙසද එම නිල­ධා­රින් ආණ්ඩු­කා­ර­ව­ර­යාට අව­ධා­ර­ණය කළහ.

අදාළ ගැට­ලු­ව­ලට කඩි­න­මින් විස­ඳුම් ලබා­දී­මට ආණ්ඩු­කා­ර­ව­රයා මෙහිදී එකඟ වූ අතර, සංව­ර්ධන නිල­ධා­රින් ගුරු සේව­යට අන්ත­ර්ග්‍ර­හ­ණය කිරීම සඳහා පව­තින නඩුව පිළි­බ­ඳව ආණ්ඩු­කා­ර­ව­රයා පැහැ­දිලි කළේය.