ඩේවිඩ් වෝනර්ගේ නාය­කත්ව තහ­නම ඉව­තට

දකුණු අප්‍රි­කානු සංචා­ර­යේදී පන්දුව පළුදු කිරීමේ චෝද­නා­ව­කට ලක්ව ජීවි­තා­න්තය දක්වා නාය­ක­ත්වයේ තහ­න­ම­කට ලක්ව සිටි ඩේවිඩ් වෝනර්ගේ එම තහ­නම ඉවත් කිරී­මට ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් තීර­ණය කරයි. 2018 වසරේ ඔස්ට්‍රේ­ලි­යානු පිල කේප් ටවුන් හි පැවති තුන්වන ටෙස්ට් තර­ග­යේදී වෝනර්ට මෙම චෝද­නාව එල්ල වූ අතර, එය සත්‍ය බව පසුව ඔප්පු වීමෙන් වෝනර්ට වස­රක ක්‍රීඩා තහ­න­මක් ද පැන­විණි.

වමත් පිති­කරු ඩේවිඩ් වෝනර් සම්බ­න්ධ­යෙන් ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නය ගත් තීර­ණ­යෙන් පැහැ­දිලි වන්නේ වෝනර් බිග් බෑෂ් ලීගයේ ඔහුගේ සිඩ්නි තන්ඩර් පිලේ නාය­ක­යා­වී­මට ඉඩ හැර ඇති බවයි. වෝනර් ත්‍රිපු­ද්ගල ස්වාධීන මණ්ඩ­ලය හමුවේ සිය අද­හස් ඉදි­රි­පත් කළ අතර,  මණ්ඩ­ලය සෑහී­ම­කට පත්වී පනවා තිබූ තහ­නම ඉවත් කළේය.

වෝනර් තම අද­හස් ගෞර­වා­න්වි­තව ඉදි­රි­පත් කළ බවත් එය තිදෙ­නා­ගේම සිත් ගත් බවත් එම මණ්ඩ­ලය සිය නිවේ­ද­නයේ සඳ­හන් කර ඇත. ප්‍රති­චාර දැක්වී­මේදී වෝනර් ගෞර­වා­න්විත ස්වර­යක් අනු­ග­ම­නය කළ අතර ඔහු පසු­තැ­වි­ල්ලක් ද ප්‍රකාශ කර තිබේ.