දශක ගණනාවක් පුරා ජපානයේ රාජ්‍ය බලය රඳවාගෙන සිටි ලිබරල් ඩිමොක්රටික් පාලක පක්ෂය පසුගියදා පැවැති මැතිවරණයෙන් පරාජයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව වසර 15කට පසු ලිබරල් ඩිමොක්රටික් පාලක පක්ෂයට ජපාන පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ඇතැයි වාර්තා වේ. එම පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් අගමැති ධුරය හිමි වූ ෂිගේරු ඉෂිබා සිය ජනප්‍රියත්වය උරගා බැලීම සඳහා මැතිවරණය කඩිනම් කළ අතර, ලැබූ පරාජයෙන් පසු එරට පාර්ලිමේන්තුව අස්ථාවර වීමේ අවදානමක් ද මතුවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ජපාන පාර්ලිමේන්තුව ආසන 465කින් සමන්විත වන අතර, බහුතරය ලබාගැනීමට නම් ආසන 233ක් ජයගත යුතු වූ බව වාර්තා වේ. එහෙත් කොමිටෝ සුළුතර පක්ෂයක් සමඟ සන්ධානගත වී මැතිවරණයට ඉදිරිපත් වූ පාලක පක්ෂයට ලැබී ඇත්තේ ආසන 215ක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එරට ප්‍රධාන විපක්ෂය වන ව්‍යවස්ථාදායක ප්රජාතන්ත්රවාදී පක්ෂයට ආසන 148ක් ලැබී ඇතැයි ද වාර්තා වේ. මැතිවරණයෙන් පාලක පක්ෂය පරාජයට පත්වූවද තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කරන බව ෂිගේරු ඉෂිබා ඊයේ ප්‍රකාශ කර තිබේ.