ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනකු සහ පලස්තීන සිරකරුවන් කිහිපදෙනකු නිදහස් කරගැනීම සඳහා ගාසා තීරයට දින දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල් සිසී ඊශ්‍රායල රජයට සහ හමාස් සංවිධානයට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායල – පලස්තීන සාම ප්රයත්නයට මැදිහත් ප්‍රධානතම රටක් වන ඊජිප්තුවේ යෝජනාවට අනුව එම සාම ප්රයත්නයේ තවත් මැදිහත් රටක් වන කටාර් රාජ්‍යයේ දී නව සටන් විරාම යෝජනා සම්බන්ධ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
සටන් විරාමය අතරතුර ගාසා තීරයේ අවතැන් වූ සිවිල් ජනතාවට මානුෂීය ආධාර සැපයීම පුළුල් කළ හැකි බව ද ඊජිප්තු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර, දෙපාර්ශ්වය අතර ස්ථීර සටන් විරාමයකට සාකච්ඡා පැවැත්වෙන අතරතුරදීම එම දෙදින සටන් විරාමය ප්‍රකාශයට පත් කළ හැකි බව ද සඳහන් කර ඇතැයි වාර්තා වේ.
මේ යෝජනාව පිළිබඳ ඊශ්‍රායලය හෝ හමාස් සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.