දකුණු කොරියාවේ වසංගතයක් බවට පත්වී ඇති සමාජ හුදෙකලාව තුරන් කිරීම සඳහා කිසිවකුට තනිකම නොදැනෙන ආකාරයෙන් සෝල් අගනුවර ප්‍රතිසංස්කරණය කිරීමට නගර බලධාරීන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉදිරි වසර 5දී සෝල් අගනුවර ප්‍රතිසංස්කරණය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 327ක් ආයෝජනය කිරීමට දකුණු කොරියානු රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
දකුණු කොරියාවේ වාර්ෂිකව දහස් සංඛ්‍යාත පුද්ගලයන් පිරිසක්, විශේෂයෙන් මැදි වියේ පසුවන පුද්ගලයන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් සහ සමීපතමයන්ගෙන් ඈත්ව හුදෙකලා වීම හේතුවෙන් මිය යන බවත්, ඇතැමුන්ගේ මළසිරුරු පවා සොයා ගැනීමට හැකි වී ඇත්තේ දින ගණනාවකට පසුව බව ද වාර්තා වේ.
සිය ජනතාව අතර ව්‍යාප්ත වී ඇති හුදෙකලාව තුරන් කිරීම සඳහා දැනමත් දකුණු කොරියානු රජය පියවර රැසක් ගෙන ඇති අතර, හුදෙකලාව මැඬ පැවැත්වීමට උපදේශන සේවා විසිහතර පැය පුරා ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ. සෝල් නුවර බලධාරීන් ප්‍රතිසංස්කරණය කිරීමේදී මැදිවියේ සහ මහලුවියේ පසුවන පුද්ගලයන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර සැලසුමක් ද, හුදෙකලාව ජිවත්වන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සෝදිසි කිරීමේ පද්ධතියක් ද, ඔවුන් වෙනුවෙන් ක්රීඩාගාර, උද්‍යාන හා පුස්තකාල සේවා පහසුකම් සැපයීමට ද සැලසුම් කර ඇතැයි වාර්තා වේ.