ශ්‍රම බළ­කායේ වැඩි වීමත් එක්ක සෞඛ්‍ය ශ්‍රම බළ­කාය ද වැඩි වීම වැද­ගත්-සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල

මෙරට ශ්‍රම බළ­කායේ ඉහළ යෑමත් සමඟ සෞඛ්‍ය සේවාවේ ශ්‍රම බළ­කාය ද ඉහළ යා යුතු බව සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා පැව­සීය.

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආය­ත­නයේ (PGIM) වාර්ෂික පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණය 2024 (Annual Research Symposium – 2024) පසු­ගි­යදා වෛද්‍ය පශ්චාත් උපාධි ආය­ත­නයේ අධ්‍ය­යන මධ්‍ය­ස්ථා­න­යේදී පැවැති අව­ස්ථාවේ ඊට එක් වෙමින් ලේක­ම්ව­රයා මේ බව කීවේය.   මෙම වාර්ෂික පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණය මෙවර පැවැ­ත්වූයේ “ශ්‍රී ලංකාව තුළ තිර­සාර වෛද්‍ය ශ්‍රම බළ­කා­යක් ගොඩ­නැ­ඟීම” (BUILDING A SUSTAINABLE MEDICAL WORKFORCE IN SRI LANKA) යන්න තේමා කර ගනි­මිනි.

මෙහිදී අද­හස් දක්ව­මින් සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල කියා සිටියේ 2030 වසර වන විට මෙරට ශ්‍රම බළ­කාය අවම වශ­යෙන් සිය­යට 30කින් පමණ වැඩි­වනු ඇති බවත් එබැ­වින් අවම වශ­යෙන් තවත් වසර 10කින් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බළ­කාය 200,000කට ආසන්න හෝ ඊට වඩා වැඩි ප්‍රමා­ණ­යක් අවශ්‍ය වනු ඇති බවයි. ‍‍

සෞඛ්‍ය සේවාවේ තිර­ස­ර­භා­වය, සෞඛ්‍ය සේවා ශ්‍රම බළ­කායේ ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකි­යාව සමඟ ඍජුව බැඳී ඇති බවත් බෝ වන සහ බෝ නොවන රෝග පාල­නය, ප්‍රාථ­මික සෞඛ්‍ය සේවා ශක්ති­මත් කිරීම, වැඩි­හිටි ජන­ග­හ­නයේ සෞඛ්‍ය ආර­ක්ෂ­ණය වැනි සෞඛ්‍ය අභි­යෝග ජය ගැනී­මට අඛණ්ඩ පුහුණු වැඩ­ස­ට­හන් දියත් කර­මින් කුස­ලතා සහ දැනු­මෙන් සන්නද්ධ තිර­සාර ශ්‍රම බළ­කා­යක් පව­ත්වා­ගෙන යෑම අත්‍ය­වශ්‍ය කරු­ණක් වන බවත් පෙන්වා දෙන ලදි.   මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බළකා සංව­ර්ධ­නය සඳහා වෛද්‍ය පශ්චාත් උපාධි ආය­ත­නය දක්වන දාය­ක­ත්වය මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහ­තාගේ ඇගැ­යී­මට ද ලක්විය.

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආය­ත­නයේ මෙහෙ­වර වන්නේ ශ්‍රී ලාංකේය ජන­තා­වට ප්‍රශස්ත මානු­ෂීය සෞඛ්‍ය සේවා­වක් ලබා­දීම සඳහා ඉහ­ළම තත්ත්වයේ, නිපු­ණ­තා­ව­යෙන් සහ කැප­වී­මෙන් යුත් විශේ­ෂ­ඥ­යන් බිහි කිරී­මට අවශ්‍ය පශ්චාත් උපාධි අධ්‍ය­යන වැඩ­ස­ට­හන් සැල­සුම් කිරීම, ක්‍රියා­ත්මක කිරීම, අධී­ක්ෂ­ණය සහ ඇගැ­යී­මයි.

මෙම අව­ස්ථා­වට කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආය­ත­නයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය සේනක රාජ­පක්ෂ, කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය එච්.ඩී. කරු­ණා­රත්න ඇතුළු විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්, මහා­චා­ර්ය­ව­රුන්, පශ්චාත් වෛද්‍ය උපාධි ආය­ත­නය නියෝ­ජ­නය කර­මින් පිරි­සක් ද එක්ව සිටි­යහ.