පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සිදු­වුණේ බුද්ධි අංශ­වල නොසැ­ල­කි­ල්ලෙන්-පාස්කු ප්‍රහා­රය, පාර රාජ්‍යය සහ නොවි­ස­ඳුණු අබි­ර­හස් කෘතිය එළි­ද­ක්ව­මින් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී සුනන්ද දේශ­ප්‍රිය කියයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශ­යට කලින්ම නිවැ­රැදි තොර­තුරු ලැබී තිබී­මෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය ඉතා පැහැ­දි­ලි­වම වළ­ක්වා­ගත හැකිව තිබුණ ද නොසැ­ල­කි­ලි­මත් ආකා­ර­යට බුද්ධි අංශය කට­යුතු කිරීම හේතු­වෙන් එම ම්ලේච්ඡ ප්‍රහා­රය සිදුවූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී සුනන්ද දේශ­ප්‍රිය මහතා ඉබ්බා­ග­මු­වේදී ප්‍රකාශ කළේය.

සුනන්ද දේශ­ප්‍රිය මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් ලියන ලද “පාස්කු ප්‍රහා­රය, පාර රාජ්‍යය සහ නොවි­ස­ඳුණු අබි­ර­හස්” නමැති කෘතිය පිළි­බඳ කුරු­ණෑ­ගල ඉබ්බා­ග­මුව දේව­ස­රණ කේන්ද්‍රයේ පැවති සංවා­ද­ය­කදී ඒ මහතා මේ අද­හස් පළ කළේය.

අත්වැල එක­මු­තුව සංවි­ධා­නය මඟින් මෙම සංවා­දය මෙහෙ­ය­වනු ලැබීය.

මේ සම්බ­න්ධ­යෙන් තොර­තුරු දන්නා තවත් පුද්ග­ල­යකු තමයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා. ඔහු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලි­මේන්තු තේරීම් කාරක සභාවේ සාමා­ජි­ක­ය­කුව සිටියා.

මේ තේරීම් කාරක සභා­වේදී එව­කට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධා­නි­යාව සිටි නියෝජ්‍ය පොලි­ස්පති නිලන්ත ජය­ව­ර්ධන සහ සරත් ෆොන්සේකා අතර ඇති වූ දෙබස හරිම වැද­ගත්.

මෙහිදී සරත් ෆොන්සේකා මහතා කරන ප්‍රශ්න කිරී­ම්ව­ලදී රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධා­නියා කිය­නවා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය ගැන ලැබුණු තොර­තුරු සත්‍ය වුණේ ඒ ප්‍රහා­රය සිදුවූ නිසා බවත් එවැනි ප්‍රහා­ර­යක් සිදු නොවූවා නම් එය අසත්‍ය තොර­තු­රක් වන බවත්ය. වැද­ගත් තොර­තු­රක් ලැබු­ණාම රටේ රාජ්‍ය බුද්ධි අංශය ක්‍රියා­ත්මක වෙන්නේ මෙහෙම නම් එවැනි බුද්ධි සේව­යක් රටට අවශ්‍ය ද?

බලන්න රටේ වග­කි­ව­යු­තුම බුද්ධි අංශයේ ප්‍රධා­නියා වැද­ගත් පරී­ක්ෂණ කොමි­ස­මක් හමුවේ උත්තර දුන්න හැටි.

අහිං­සක මිනිස්සු විශාල ප්‍රමා­ණ­යක් මැරු­ණාට පස්සේ කිය­නවා ඒක සත්‍ය තොර­තු­රක් කියලා. අන්න ඒ වගේ නොසැ­ල­කි­ලි­මත් ආකා­ර­යට තමයි එදා රාජ්‍ය බුද්ධි සේවය කට­යුතු කරලා තියෙන්නේ.

මේ ප්‍රහා­රයේ තොර­තුරු ඊට පැය විසි­හ­ත­ර­කට කලින් දැන ගත්තා නම් රටේ ජනා­ධි­ප­තිට හරි අග­මැ­තිට හරි කියන්න ඕනෑ ද නැද්ද ? පැය දහ­ස­ය­කට කලින් මේ තොර­තුරු තහ­වුරු කර ගත්තා නම් ඒ ගැන රටේ ඉහ­ළට දැනුම් දෙන්නේ නැද්ද? නමුත් මේ නිල­ධා­රියා එහෙම කරලා නැහැ.

ඊළ­ඟට සාක්කි දෙමින් රනිල් වික්‍ර­ම­සිංහ කිය­නවා මේ තොර­තුරු එයා කලින් දැන ගත්තා නම් ඉන්දි­යාවේ මහ­කො­ම­සා­රි­ස්ව­ර­යාට කතා කරලා විස්තර දැන ගන්නවා කියලා. දැන­ගෙන මම හමුදා ප්‍රධා­නීන්ට කියලා මේක වළ­ක්වන්න පිය­වර ගන්නවා කියලා රනිල් වික්‍ර­ම­සිංහ කිය­නවා. ඉන්දි­යාව මෙච්චර විශ්වා­ස­වන්ත තොර­තු­රක් දීලා තියෙ­ද්දීත් මේ ප්‍රහා­රය වළ­ක්වා­ගෙන මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනී­මට නොහැකි වීම ගැන තමන් කන­ගාටු වෙනවා කියලා ඔහු මේ කොමි­සම හමුවේ කිය­නවා. අන්ති­මට රටේ අග­මැ­තිත් මේ ප්‍රහා­රය ගැන දැන­ගෙන ඉඳලා නැහැ.