නව රජය මුදල් මුද්‍රණය කිරීමක් කර නැහැ -කැබිනට් ප්‍රකාශක

නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

එමෙන්ම කිසිදු විදේශ ආයතනයකින් හෝ විදේශ ණයක්ද මේ දක්වා ලබාගෙන නොමැති බවයි ඔහු පැවසුවේ.

අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා.