මල්වානේ ඉන්දසුමන නාහිමියෝ අපවත් වෙති

කෑගල්ල දමුණුපොළ ශ්‍රී ආනන්දාරාමය බුලත්කොහුපිටිය ගැටියමුල්ල මල්වාන ශ්‍රී ආනන්දාරාම උභය විහාරාධිපති දමුණුපොළ විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රවේදී මල්වානේ ඉන්දසුමන නාහිමියෝ අපවත් වූහ. අපවත් වනවිට උන් වහන්සේ 75 වියෙහි පසු වූහ. ශාසනයේ දියුණුව වෙනුවෙන් සිදු කරන ලද මෙහෙවර අගයා උන් වහන්සේට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය මගින් සාරානන්ද වංශාවතංස ශාසන කීර්ති ශ්‍රී යන ගෞරව නාමය ද ප්‍රදානය කර තිබුණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කෑගල්ල ප්‍රාදේශීය සංඝ සභාවේ වසර ගණනාවක් සභාපති දූරයෙහි කටයුතු කර ඇති උන් වහන්සේ අසනීප තත්ත්වය මත මීට මාස පහකට පමණ ඉහත දී එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. දේහය දැනට කෑගල්ල දමුණුපොළ ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය හෙට 29 වැනිදා සවස 2 ට දමුණුපොළ විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි ශිෂ්‍ය විහාරාධිකාරි ශාස්ත්‍රපති මල්වානේ ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ පැවැසූහ.