ඩෙංගු හිස ඔසවයි

ජනවාරි සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

ඒ අනුව පසුගිය මාස 10 ඇතුළත ඩෙංගු රෝගීන් 41,866ක් දෙනෙකු වාර්තා වී ඇත.

එමෙන්ම ඩෙංගු රෝගීන් 20 දෙනකු මියගොස් තිෙබ්.

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

ඒ අනුව කොළඹ ගම්පහ, කළුතර, යාපනය වැනි දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.