ආචාර්ය නන්දලාල් වීරසිංහ ලොව හොඳම මහ බැංකු අධිපතීන් අතරේ A ශ්‍රේණියට

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් වසර 2024 ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතර ‘ඒ’ ශ්‍රේණියෙන් පිදුම් ලබා තිබේ.

මෙවර A+ ශ්‍රේණියේ ලෝකයේ මහ බැංකු අධිපතිවරුන් තිදෙනකු නම් කොට ඇත. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඇතුළු 7 දෙනකු A ශ්‍රේණියේ අධිපතිවරුන් ලෙස පිදුම් ලබා ඇත. A- ශ්‍රේණියේ අධිපතිවරුන් ලෙස ලෝකයේ 15 දෙනකු නම් ලැබ ඇත.

මේ ඉහළ පෙළේ පිළිගැනීමත් සමඟ ආචාර්ය වීරසිංහ මහතා ලොව පුරා මහ බැංකු අධිපතිවරුන් අතරට එක් වන්නේ, අර්බුදකාරි කාලවකවානුව හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම සඳහා ඔහුගේ සුවිශේෂ නායකත්වය සහ උපායමාර්ගික ඥානය ඇගයීමට හා පිළිගැනීමට ලක් කරමිනි.

‘ඒ’ ශ්‍රේණියේ ඇගයීමට ලක් වීමට, උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදල් ස්ථායිතාව සහ පොලී අනුපාත පාලනය වැනි තීරණාත්මක ක්ෂේත්‍රවලට ආචාර්ය වීරසිංහගේ කැපීපෙනෙන කාර්යසාධනය දක්වා තිබීම පිළිබඳ සාක්ෂියකි. සැලකිය යුතු ගෝලීය හා දේශීය අභියෝගවලින් සලකුණු වූ කාල පරිච්ඡේදයක ආර්ථික ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා ඔහුගේ ඵලදායි ප්‍රතිපත්ති සහ තීරණාත්මක ක්‍රියාමාර්ග තීරණාත්මක වී ඇත.