ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­වේදී ශ්‍රී ලංකාව ප්‍රග­ති­යක් ලබා තිබෙ­නවා-IMF ආසියා පැසි­ෆික් අධ්‍යක්ෂ

ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­වට නැංවී­මේදී ශ්‍රී ලංකාව සැල­කිය යුතු ප්‍රග­ති­යක් ලබා ඇතැයි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහ­සු­කම (EFF) යටතේ ළඟ­දීම සිදු කෙරෙන තුන්වන සමා­ලෝ­ච­නය කරා කඩි­න­මින් යෑමට එම­ඟින් අව­ස්ථාව උදා කර ඇති බවද ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ආසියා පැසි­ෆික් දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනි­වා­සන් මහතා පව­සයි.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ ලෝක බැංකු රැස්වීම් හා සම­ගා­මීව අමෙ­රි­කාවේ වොෂි­න්ටන් නුව­රදී පැවැති ප්‍රවෘත්ති සාක­ච්ඡා­ව­කදී ඒ මහතා මේ බව පැව­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ක්‍රිෂ්ණා ශ්‍රීනි­වා­සන් මහතා මෙසේද පැව­සීය.

ශ්‍රී ලංකාව සමඟ පව­තින ණය විස්තීර්ණ වැඩ­ස­ට­හන යටතේ තුන්වන සමා­ලෝ­ච­නය වෙත කඩි­න­මින් එළ­ඹී­මට බලා­පො­රොත්තු වෙනවා. මේ සතියේ පැව­ත්වෙන වාර්ෂික රැස්වීම් අත­ර­තුර ශ්‍රී ලංකාව සමඟ පව­තින මූල්‍ය වැඩ­ස­ට­හන සම්බ­න්ධ­යෙන් අඛ­ණ්ඩව සාකච්ඡා කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. නව ආණ්ඩුව බල­යට පත්වූ පසු මූල්‍ය අර­මු­දලේ ඉහළ පෙළේ කණ්ඩා­ය­මක් මෙම මස මුලදී මෙර­ටට පැමි­ණියා.

නව ආණ්ඩුව පත්වෙලා තාම කෙටි කාල­යයි. මගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඉහළ පෙළේ කණ්ඩා­ය­මක් සාකච්ඡා සඳහා සහ බල­ධා­රීන් සමඟ අද­හස් හුව­මාරු කර ගන්න කොළ­ඹට ගියා. නව ආණ්ඩුව සහ ඔවුන්ගේ කණ්ඩා­යම සමඟ අපි ඉතා සාර්ථක සාකච්ඡා වට කිහි­ප­යක් පැවැ­ත්වූවා.

එම සාකච්ඡා තව­දු­ර­ටත් වාර්ෂික රැස්වීම් අත­රදී පැවැ­ත්වෙ­නවා. දැන් හොඳ එක­ඟ­තා­ව­යක් තිබෙ­නවා. එය ඒක­ම­තික එක­ඟ­තා­ව­යක්.

2022 වස­රේදී ආර්ථික අගා­ධ­යට ඇදෙ­මින් තිබූ ශ්‍රී ලංකාව, පසු­ගිය කාර්තු හතර තුළ ධනා­ත්මක ආර්ථික වර්ධ­න­යක් පෙන්නුම් කර තිබෙ­නවා. මෙම වැඩ­ස­ට­හන යටතේ ශ්‍රී ලංකාව නිල ණය හිමි­යන් සහ පෞද්ග­ලික ණය හිමි­යන් සමඟ ගිවි­සු­ම්ව­ලට එළ­ඹී­මේදී නෛතික වශ­යෙන් එක­ඟ­තා­ව­කට පැමි­ණීම අත්‍යා­වශ්‍ය කාර­ණ­යක් වෙනවා.