E-8 වීසාවලින් කොරි­යාවේ රැකියා දෙනවා කියා සල්ලි ගරන වංච­නි­ක­යන්ට රැව­ටෙන්න එපා-ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරි­යාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධි­යක් අනා­ව­ර­ණය වී ඇති බවත් කිසි­ව­කුට මුදල් ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය අව­ධා­ර­ණය කරයි.

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරි­යාවේ කෙටි කාලීන රැකියා (Seasonal Worker) ලබා­දෙන බව පවසා මුදල් වංචා කරන ජාවා­ර­මක් ක්‍රියා­ත්මක වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය සඳ­හන් කරයි. දකුණු කොරි­යාවේ කෙටි කාලීන රැකියා ලබා­ගැ­නීම සඳහා දකුණු කොරි­යාව හා ශ්‍රී ලංකා රජ­යන් දෙක අතර ගිවි­සු­ම්ව­ලට එළැ­ඹිය යුතු බවත්, මෙතෙක් එවැනි ගිවි­සු­ම­කට එළැඹී නොමැති බවත් කාර්යාං­ශයේ අති­රේක සාමා­න්‍යා­ධි­කාරී (ජාත්‍ය­න්තර කට­යුතු) සෙන­රත් යාපා මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ සෙන­රත් යාපා මහතා කියා සිටියේ, 2004 වර්ෂයේ සිට ශ්‍රී ලාංකි­ක­යින් EPS- E9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරි­යාවේ රැකියා සඳහා යොමු කරනු ලබ­නවා. ඒ වගේම පෑස්සු­ම්කරු (වෙල්ඩර්) රැකි­යාව සඳහා පුද්ග­ලික අංශය මගින් E7-4 යන වීසා කාණ්ඩය යටතේ පසු­ගිය කාලයේ දකුණු කොරි­යාවේ රැකියා සඳහා යොමු කරනු ලැබුවා. ඒ වගේම පසු­ගිය සම­යේදී දකුණු කොරි­යාවේ කෙටි කාලීන රැකියා (Seasonal Worker) සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමි­ක­යින් යැවීම සම්බ­න්ධ­යෙන් අප සොයා බැලුවා. එහිදී අනා­ව­ර­ණය වුණේ කෙටි කාලීන රැකියා සඳහා ශ්‍රමි­ක­යින් යොමු කිරී­මට අවශ්‍ය නම් දකුණු කොරි­යාවේ ප්‍රාන්ත සමඟ ශ්‍රී ලංකාවේ පළාත් සභා අදාළ ගිවි­සු­ම්ව­ලට එළැ­ඹිය යුතු බවයි.

මෙම E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමි­ක­යින් දකුණු කොරි­යාවේ රැකියා සඳහා යොමු කිරී­මට ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිඳු තීර­ණ­යක් අර­ගෙන නෑ වගේම කිසිඳු ගිවි­සු­ම­කට මෙතෙක් එළ­ඹිලා නෑ. ඒ අනුව කෘෂි­කා­ර්මික හා ධීවර රැකියා සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමි­ක­යින් යොමු කිරීම සිදු­වන්නේ නෑ. අපිට තොර­තුරු වාර්තා වෙනවා විවිධ පුද්ග­ල­යින් E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමි­ක­යින් දකුණු කොරි­යාවේ රැකියා ලබා­දෙන බව පවසා විශාල වශ­යෙන් මුදල් ලබා ගන්නා බවට. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය අව­ධා­ර­ණය කර­නවා ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කරන්නේ නෑ.

ඒ වගේම දකුණු කොරි­යානු තානා­පති කාර්යා­ලය දැනු­ම්දීලා තියෙ­නවා E-8 වීසා කාණ්ඩය යටතේ පෞද්ග­ලික අංශ­යට ශ්‍රමි­ක­යන් යොමු කරන්න බෑ කියලා. මෙම රැකියා සඳහා යෑමට කිසිඳු අය­කුට මුදල් ගෙවන්න එපා.

එබැ­වින් E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරි­යාවේ රැකියා ලබා­ගැ­නීම සඳහා කිසිඳු පුද්ග­ල­ය­කුට හෝ ආය­ත­න­ය­කට මුදල් ලබා­දී­මෙන් වළ­කින මෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය රැකියා අපේ­ක්ෂි­ත­යි­න්ගෙන් ඉල්ලා සිටියි. එසේ මුදල් වංචා­ක­රන පුද්ග­ල­යින් පිළි­බ­ඳව තොර­තුරු දන්නේ නම් කාර්යාං­ශයේ විශේෂ විම­ර්ශන අංශ­යට හෝ 1989 ක්ෂණික ඇම­තුම් අංක­යට දැනුම් දෙන මෙන් කාර්යාං­ශය වැඩි­දු­ර­ටත් ඉල්ලා සිටියි.