ලෝක බැංකු නියෝ­ජිත පිරි­සක් නැ’­හිර ආණ්ඩු­කාරවරයා හමු වෙති

ලෝක බැංකු නියෝ­ජිත පිරි­සක් හා නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර මහ­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා අතර හමු­වක් පෙරේදා ත්‍රිකු­ණා­ම­ලය ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පැවැ­ත්විණි. මේ සඳහා නැඟෙ­න­හිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නා­යක, ආණ්ඩු­කාර ලේකම් එල්.පී. මද­නා­යක හා නැඟෙ­න­හිර පළාත් අධ්‍යා­පන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජී. දිසා­නා­යක මහ­ත්වරු හා අධ්‍යා­පන ක්ෂේත්‍රයේ නිල­ධා­රීහු මේ සදහා සහ­භාගි වූහ. ලෝක බැංකු ආධාර යටතේ නැඟෙ­න­හිර පළාතේ අධ්‍යා­පන ක්ෂේත්‍රයේ සිදු කෙරෙන සංව­ර්ධන ව්‍යාපෘති සහ එහි ප්‍රග­තිය හා ප්‍රති­ලාභ පිළි­බඳ මෙහිදී සාක­ච්ඡා­වට ලක් කෙරිණි.