ශ්‍රී ලංකාවෙන් පිළිකා රෝගය තුරන් කිරීමේ අරමුණ ඇතිව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ AIESEC සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව එළඹෙන නොවැම්බර් 3 ඉරිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශාලාවේදී Pink Pulse පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔවුන් විසින් සංවිධානය කර ඇත.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් ඉතා සුලබව දක්නට අතර අවිධිමත් ආහාර රටාව, අහිතකර රසකාරක සහිත ආහාර ගැනීම සහ ව්‍යායාම මදිකම ප්‍රධාන වශයෙන් මේ තත්ත්වයට බලපා ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ AIESEC සංවිධානය පෙන්වා දෙයි. පියයුරු පිළිකා මේ අතුරින් ඉතා සුලභව දක්නට ලැබෙන පිළිකා වර්ගයක් වන අතර, කාන්තාවන් පමණක් නොව පුරුෂයන්ද වර්තමානය වන විට මේ පිළිකා තත්ත්වයෙන් පීඩා විඳින බවද මේ රෝගයේ ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැක්කේ ජනතාව මේ පිළිබඳ දැනුවත්කමක් නැති වීම බවද එම සංවිධානය කියයි. කැලණිය විශ්වවිද්‍යාලයේ AIESEC සංවිධානය මේ ගැටලුවට විසඳුම ලෙස හඳුනාගන්නේ මේ පිළිකා තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වේ. එමඟින් රෝගී තත්ත්වය ආරම්භයේදීම හඳුනාගැනීමට ජනතාව දැනුවත් කරන අතර, ඔවුන්ට ඉතා ඉක්මනින්ම රෝගි තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට හැකි වේ. AIESEC සංවිධානය විසින් රට රටවල් අතර තරුණ තරුණියන් ස්වේච්ඡා සේවයට යොමු කරන අතර, මෙවර මේ සිදු කරන මානවවාදි කටයුත්තට සියලු දෙනාටම කැලණිය විශ්වවිද්‍යාලයේ AIESEC සංවිධානය ආරාධනා කරයි.