කොළඹ ක්‍රමය (The Colombo plan) නිලධාරීන් සහ වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාරිත්වය අතර විශේෂ හමුවක් පසුගිය දා සිදු විය.
කොළඹ ක්‍රමය සමුද්‍රීය උපදේශන වැඩසටහන යටතේ මෑත කාලීන සංවර්ධනයන් සහ මුලපිරීම පිළිබඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ සහභාගි වන්නන් යාවත්කාලීන කිරීමේ පියවරක් ලෙස හැඳින්විය හැකිය. මේ යටතේ ශ්‍රී ලංකාවේ සුහුරු වරාය කළමනාකරණය කිරීමේදී සහ නවීන වරාය කළමණාකරණ පිළිවෙත් අනුගමනය කිරීම, ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන්, තාක්ෂණික හුවමාරු වැඩමුළු, සම්මන්ත්රණ සහ වරාය අධ්‍යයන හුවමාරු චාරිකා ඇතුළු විවිධ පුහුණු ක්‍රම මේ යටතට අයත් වේ. දේශීය සහ ජාත්‍යන්තර ප්රවීණයන්ගේ දායකත්වයෙන් විශේෂ වැඩසටහන් රැසක්ද මේ යටතේ ක්‍රියාත්මකය. ඔවුන්ගේ මඟපෙන්වීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට සිය සේවාදායක සේවා වැඩිදියුණු කිරීමට සහ නාවික ප්‍රජාවට අගය එකතු කළ සේවාවන් සැපයීමට සහාය වනු ඇත.
ශ්‍රී ලංකා වරායවල ඵලදායිතාව හා තරගකාරිත්වය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පුහුණු පරිසරය සඳහා එහි අඛණ්ඩ සහයෝගය සැලසීම සහ මේ ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය සම්පාදනය එක්සත් ජනපද රජයේ දායකත්වයන් සිදුවීම විශේෂිත වේ. මෙමඟින් ශ්‍රී ලාංකේය වරාය යටිතල පහසුකම් හා සේවා නවීකරණ ඉලක්කය සමඟ පෙළගැසෙමින් දකුණු ආසියාවේ ප්‍රධාන කලාපීය මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාවේ වරාය ස්ථානගත කිරීමට මෙය උපකාරි වනු ඇත. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, කොළඹ ක්‍රමය මහලේකම් ආචාර්ය බෙන්ජබින් රියාස්, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් ඊ.එම්.එස්.බී. ජයසුන්දර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් (විශ්‍රාමික) සිරිමෙවන් රණසිංහ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ඉංජිනේරු හේරත්, එම්.පී. ජයවර්ධන, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ ගණක හේමචන්ද්‍ර, අධ්යක්ෂ (අලෙවි හා ව්‍යාපාර සංවර්ධන) සාවියා මිස්කින්, MAP ප්‍රධාන උපදේශක රොහාන් මාසකෝරාල, ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරි ටෙෂානි වීරකෝන්, MAP ව්‍යාපෘති සහකාර තරුෂිණි සූරියආරච්චි මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති.