ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථා අවුල විසඳ ගන්න ලෝක සංග­මය තවත් මාස තුනක් කල් දෙයි

ශ්‍රී ලංකා රග්බි ආය­ත­නයේ ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට හා නව නිල­ධාරි මණ්ඩ­ලය පත් කිරී­මට ශ්‍රී ලංකා­වට ලබා දී ඇති කාල­සී­මාව තවත් මාස තුන­කින් දීර්ඝ කිරී­මට ලෝක රග්බි සම්මේ­ල­නය තීර­ණය කරයි. ඒ අනුව ලබන වසරේ ජන­වාරි 31 වැනි දිනට පෙර ශ්‍රී ලංකා රග්බි ආය­ත­නයේ ව්‍යවස්ථා සංශෝ­ධ­නය සිදු කොට නව නිල­ධාරි මණ්ඩ­ල­යක් පත් කිරී­මට අවශ්‍ය කට­යුතු කරන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය (රියර් අද්මි­රාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා වෙත ලෝක රග්බි සම්මේ­ල­නයේ අන්ත­ර්ජා­තික ක්‍රීඩා සංගම් ප්‍රධානී ඩේවිඩ් කාර්ගී මහතා ඊයේ ලිඛි­තව දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා රග්බි ආය­ත­නයේ ව්‍යවස්ථා සංශෝ­ධ­නය හා නව නිල­ධාරි මණ්ඩ­ලය පත් කිරීමේ අව­සන් දිනය ලෙස ලෝක රග්බි සම්මේ­ල­නය ලබන නොවැ­ම්බර් මස 8 වැනිදා ප්‍රකා­ශ­යට පත්කොට තිබූ අතර, එසේ නොවු­ණ­හොත් ජාත්‍ය­න්තර තහ­න­මක් පැන­වීමේ අව­දා­න­මක් මතු­විය.

එබැ­වින් මේ සම්බ­න්ධව ලෝක රග්බි සම්මේ­ල­නය සමඟ සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ක්‍රීඩා ඇමැති හා අග්‍රා­මාත්‍ය හරිනි ප්‍රනාන්දු මෙන­විය ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට දැනුම්දී තිබුණි. ඒ අනුව පසු­ගිය 16 වැනිදා ලෝක රග්බි සම්මේ­ල­නයේ අන්ත­ර්ජා­තික ක්‍රීඩා සංගම් ප්‍රධානී ඩේවිඩ් කාර්ගී මහතා ලිඛි­තව ඇමැතූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා පව­තින තත්ත්වය පැහැ­දිලි කොට නිල­ව­ර­ණය නිමා කිරී­මට සාධා­රණ කාල­යක් ඉල්ලා සිටි­යේය.

රග්බි ව්‍යවස්ථා සංශෝ­ධ­නය සිදු කොට නව නිල­ධාරි මණ්ඩ­ල­යක් පත් කිරී­මට කට­යුතු ආරම්භ කොට තිබි­යදී පළාත් සංගම් කිහි­ප­යක් අධි­ක­රණ ක්‍රියා මාර්ග ගැනීම හේතු­වෙන් නිල­ව­රණ කට­යුතු සියල්ල තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට ක්‍රීඩා අමා­ත්‍යාං­ශ­යට සිදුවූ බවත්, නීති­පති උප­දෙස් අනුව කඩි­න­මින් සියල්ල නිමා කරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය (රියර් අද්මි­රාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා ලෝක සම්මේ­ල­න­යට පොරො­න්දු­වක් ලබාදී ඇත.

ශ්‍රී ලංකා රග්බි ආය­ත­නයේ ව්‍යවස්ථා සංශෝ­ධ­නය හා නව නිල­ධාරි මණ්ඩ­ලය පත් කිරීම වෙනු­වෙන් නීති­පති උප­දෙස් අනුව කට­යුතු කිරී­මට ශ්‍රී ලංකා රජයේ කැප­වීම අගය කරන බවත්, අවශ්‍ය කට­යුතු නිම කිරීම වෙනු­වෙන් ලබන වසරේ ජන­වාරි 31 වැනිදා දක්වා කාලය ලබා දෙන බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් වෙත ලෝක සම්මේ­ල­නය දැනුම් දී ඇත. ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ තත්ත්වය ඉන් පසුව ලෝක රග්බි විධා­යක මණ්ඩ­ලය විසින් සලකා බලන බවද ලිපියේ දැක්වේ.

රග්බි ආය­ත­නයේ ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට හා නව නිල­ධාරි මණ්ඩ­ල­යක් පත් කිරී­මට එරෙ­හිව පළාත් සංගම් විසින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ ගොනු කරනු ලැබූ නඩු­වෙහි තීන්දුව ප්‍රකා­ශ­යට පත් කිරීම නොවැ­ම්බර් මස 6 වැනිදා සිදු ­වනු ඇතැයි අපේක්ෂා කෙරේ.