මාස 9ක් බන්ධ­නා­ගා­ර­යේ සිටි ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස්

පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී මාස 9කට පසු ඇප මත බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන් ඛාන් අග­මැ­ති ­ධු­රයේ සිටි­යදී රාජ්‍ය­තා­න්ත්‍රි­ක­ය­න්ගෙන් ලැබුණු වටිනා ත්‍යාග භාණ්ඩා­ගා­ර­යට ලබා නොදී සිය හිත­ව­තුන් අතර බෙදා දුන් බව­ටත්, තවත් ත්‍යාග ප්‍රමා­ණ­යක් අධික මිල­කට අලෙවි කර මුදල් උපයා ගත් බව­ටත් චෝදනා ලැබූ බුෂ්රා බීබී වසර 14ක සිර­ද­ඬු­වම් නියම වූ අතර, ඇය පසු­ගිය ජන­වා­රි­යේදී බන්ධ­නා­ගා­ර­ගත කර තිබිණි. රාව­ල්පිණ්ඩි නුවර අඩි­යලා බන්ධ­නා­ගා­රයේ රඳවා තබා සිටි ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස් කර ඇත්තේ ඉස්ලා­මා­බාද් මහා­ධි­ක­ර­ණය නියෝ­ග­යෙන් බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.

බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස ලැබූ බුෂ්රා බීබී මෝටර් රථ පෙළක ආර­ක්ෂාව මැද සිය නිවෙස වෙත පැමි­ණෙද්දී මාර්ගයේ දෙපස රැඳී සිටි විශාල පිරි­සක් ඇයට සුබ පැතූ බවත්, ඇය පිළි­ගැ­නී­මට ඇගේ නිවෙස අසල ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නාය­ක­යන් සහ හිත­වා­දීන් විශාල පිරි­සක් රැස්ව සිටි බවත් ඩෝන් පුවත් සේවය සඳ­හන් කළේය.