අග­මැ­ති­නිය හා කැනඩා මහ­කො­ම­සා­රි­ස් අතර සාක­ච්ඡා­වක්-අධ්‍යා­ප­නය හා කාන්තා ව්‍යව­සා­ය­ක­ත්වය විශේෂ අව­ධා­න­යට

ද්විපා­ර්ශ්වික සබ­ඳතා ශක්ති­මත්ව පවත්වා ගැනී­මට කැන­ඩාව කැප­වෙන බව ශ්‍රී ලංකා‍වේ කැනේ­ඩි­යානු මහ­කො­ම­සා­රිස් එරික් වොල්ෂ් මහතා පැවැ­සීය.

ශ්‍රී ලංකාවේ කැනඩා මහ­කො­ම­සා­රිස් එරික් වොල්ෂ් මහතා සහ අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය අතර අග­මැති කාර්යා­ලයේ පසුගියදා (23) පැවැති හමු­වේදී මහ­කො­ම­සා­රි­ස්ව­රයා කියා සිටි­යේය. මෙම හමු­වේදී දෙරට අතර දිගු­කා­ලීන රාජ්‍ය තාන්ත්‍රික සබ­ඳතා යළි තහ­වුරු කෙරුණු අතර විවිධ ක්ෂේත්‍ර කෙරෙහි අව­ධා­නය මෙහිදී යොමු විය. ශ්‍රී ලංකාවේ සමාජ ආර­ක්ෂණ පද්ධ­තිය ශක්ති­මත් කිරීම, කාන්තා ව්‍යව­සා­ය­ක­ත්වය වර්ධ­නය කිරීම සහ රටේ ආර්ථි­කය තුළ කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­යක අංශය නගා­සි­ටු­වීමේ වැද­ග­ත්කම ඇතුළු ප්‍රධාන සංව­ර්ධන ක්ෂේත්‍ර රැසක් කෙරෙහි අව­ධා­නය යොමු විය. රටේ සංව­ර්ධ­නය සඳහා අධ්‍යා­ප­න­යට ප්‍රමු­ඛ­ත්වය ලබා­දිය යුතු බවත්, ජාතිය එක්සත් කිරීම මඟින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රග­තියේ ඇති වැද­ග­ත්කම අග­මැ­ති­ව­රිය අව­ධා­ර­ණය කළාය.

අග­මැති ලේකම් ප්‍රදීප් සපු­තන්ත්‍රි, අග­මැති අති­රේක ලේකම් මහින්ද ගුණ­රත්න, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ යුරෝපා සහ උතුරු අමෙ­රි­කානු අංශයේ අධ්‍යක්ෂ ජන­රාල් එම්. ශෝබිනි කේ. ගුණ­සේ­කර මහත්ම මහ­ත්මීන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වී සිටි­යහ.