ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවර හෝටලයක තුන්වැනි මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්වූ සුපිරි බටහිර ගායක ලියැම් පේන්ගේ මරණයට සම්බන්ධ තොරතුරු ලබාගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පසුගියදා එම හෝටලය වැටලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බුවනෝර්ස් අයර්ස් අධිකරණ විනිසුරු ලෝරා බෘනියර්ඩ්ගේ නියෝගය මත එම පොලිස් කණ්ඩායම හෝටලයේ සෝදිසි මෙහෙයුමක් කර ඇතැයි වාර්තා වේ. එහිදී පරිඝනකයක් අත්අඩංගුවට ගැනීමටත්, හෝටලයේ සීසීටීවී දර්ශන ලබා ගැනීමටත් පොලිස් නිලධාරීන් පියවර ගත් බව ද වාර්තා වේ.
එම හෝටලයේ තුන්වැනි මහලේ පිහිටි හෝටල් කාමරයේ සඳළුතලයෙන් බිමට වැටීමෙන් අභ්‍යන්තර හා බාහිර තුවාල සිදුවීමෙන් ලියැම් පේන් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහුගේ මරණය සම්බන්ධව වැඩිදුර විමර්ශනයක් සිදු විය යුතු බව විනිසුරුවරිය තීන්දු කර ඇතැයි ද වාර්තා වේ.