ස්විස් තානා­පති කාර්යා­ලයේ පළමු ලේක­ම්ව­රිය නැඟෙ­න­හිර පළාතේ සංචා­ර­යක

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සිංහල, දෙමළ, මුස්ලිම් පුර­වැ­සි­යන් වශ­යෙන් වෙන්ව නොව ශ්‍රී ලාංකික පුර­වැ­සි­යන් ලෙස එක් කර­ග­නි­මින් රට දියුණු කළ යුතු­යැයි කරන ප්‍රකා­ශය තමා අගය කරන බව ශ්‍රී ලංකා ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යා­ලයේ පළමු ලේක­ම්ව­රිය වන ජස්ටිනා බොයි­ලට් (Jus tine Boillat) මහ­ත්මිය පැව­සු­වාය.

නැඟෙ­න­හිර පළාතේ සංචා­ර­යක නියැ­ලුණු පළමු ලේක­ම්ව­රිය පෙරේදා (24) ත්‍රිකු­ණා­ම­ලයේ පිහිටි ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී ආණ්ඩු­කාර මහා­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා මුණ­ගැසී මේ කරුණු අව­ධා­ර­ණය කළාය.

වත්මන් නැඟෙ­න­හිර පළාතේ ඉදිරි වැඩ කට­යුතු සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ ආණ්ඩු­කාර මහා­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා මධ්‍යම රජය හා එක්ව ජාතික වැඩ­පි­ළි­වෙ­ළක් යටතේ ඉදි­රි­යේදී නැඟෙ­න­හිර පළා­තක දියුණු කිරී­මට සැල­සුම් කර ඇති බවක් කීවේය. අධ්‍යා­පන, සෞඛ්‍ය හා සංචා­රක යන ක්ෂේත්‍ර­ව­ලට ප්‍රමු­ඛ­ත්වය දී ඇති බව ආණ්ඩු­කා­ර­ව­රයා මෙහිදී පැව්‍සීය. නැඟෙ­න­හිර පළාත සිංහල, දෙමළ,මුස්ලිම් ජන සංයු­ති­ය­කින් යුක්ත වන අතර, එම ජන­තා­වගේ ප්‍රශ්න­ව­ලට ඇහු­ම්කන් දී ජාතික සම­ඟිය ගොඩ­නැ­ඟී­මට තමා වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර ඇති බවද ආණ්ඩු­කා­ර­ව­රයා මෙහිදී අව­ධා­ර­ණය කළේය.