මොසැ­ම්බික් හිටපු ජන­පති යළි ජය ගනී

මොසැ­ම්බික් රාජ්‍යයේ පසු­ගි­යදා පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණය දූෂිත බවට එල්ල වූ විප­ක්ෂයේ චෝදනා මැද හිටපු ජනා­ධි­පති ඩැනි­යෙල් චැපෝ විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් අත්ක­ර­ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොසැ­ම්බික් රාජ්‍යයේ වසර 50කට වැඩි කාල­යක් බලය අත්ක­ර­ගෙන සිටි ෆ්‍රෙලිමෝ පක්ෂයේ අපේ­ක්ෂ­කයා වූ ඩැනි­යෙල් චැපෝ 70% කට වැඩි ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා ගත් බව එරට මැති­ව­රණ කොමි­සම තහ­වුරු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. චැපෝගේ ප්‍රධා­න­තම ප්‍රති­වා­දියා වූ ස්වාධීන අපේ­ක්ෂක වැන­න්සියෝ මොන්ඩ්ලේනේ ලබා ඇත්තේ 20%කට ආසන්න ඡන්ද ප්‍රති­ශ­ත­යක් වන අතර, විරුද්ධ පක්ෂයේ අපේ­ක්ෂක ඔසුෆෝ මොමා­ඩේට හිමිවී ඇත්තේ 5%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් බවද වාර්තා වේ.