“ශිෂ්‍ය භට බළකායේ පුහුණුව ලබන අයෙක්, තමා ජීවත්වන සමාජයට ගෞරවයක් ලබාදෙමින් සමාජයට වැඩදායී පුද්ගලයකු ලෙස ජීවත් වෙනවා. පොලිස් ශිෂ්‍ය භට බළකායේ අරමුණ විනයගරුක සමාජයක් බිහි කිරීම යැයි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෙරේදා (24) කළුතර දී ප්‍රකාශ කළේය.
ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ශිෂ්‍ය භට බාලක බාලිකාවන් 1500කගේ සහභාගිත්වයෙන් කළුතර පොලිස් විද්‍යාලයීය අළුවිහාරේ පිටියේ පැවති සමස්ත ලංකා පොලිස්පති කුසලාන ජාතික ශිෂ්‍ය භට කඳවුරේ සමාප්ති උත්සවයට සහභාගි වෙමිනි.
රට පුරා පාසල් නියෝජනය කරමින් බාලක කණ්ඩායම් 40ක් හා බාලිකා කණ්ඩායම් 20ක් මේ සඳහා එක්ව සිටියහ.
එහිදී තවදුරටත් වැඩ බලන පොලිස්පතිවරයා මෙසේ ද කීය.
ජාතික ශිෂ්‍ය භට බළකාය ආරම්භ වූයේ 1972 වසරේ ස්ටැන්ලි සේනානායක මහතා පොලිස්පතිව සිටියදීයි. ඒ මැලේසියානු ශිෂ්‍ය භට කණ්ඩායම් අනුව යමින්. පසුව පූජිත් ජයසුන්දර මහතා පොලිස්පතිව සිටියදී මෙය ප්‍රතිසංවිධානයට ලක් වුණා. මා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටියදී තමන්ද මේ සඳහා එක් කර ගන්නා ලෙස දෙමළ මාධ්‍ය පාසල්වලින් පවා ඉල්ලීම් ආවා. මේ වනවිට මනා සැලසුමකින් යුතුව බොරලන්ද ශිෂ්‍ය භට කඳවුර ක්‍රියාත්මකයි.
බස්නාහිර පළාතේ පමණක් වයස අවුරුදු 18ට අඩු දරුවන් 544ක් මත්ද්‍රව්‍යවලට අදාළව අත්අඩංගුවට පත්ව සිටිනවා. මුළු රටේම එවැනි අනාරක්ෂිත හා වින්දිත දරුවන් දහදාහකට වැඩියි. ඔවුන් සම්බන්ධයෙන් රජය සහ තවත් ආයතන සම්බන්ධීකරණයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා පොලිසිය, ජාතික සංහිඳියාව ඇති කිරීමේ අභිලාෂයෙන් මේ කඳවුර සංවිධානය කර තිබෙනවා.”
ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චින්තක ගුණරත්න මහතා ඇතුළු තවත් කිහිප දෙනෙක්ම මෙහිදී කතා කළහ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර,මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාලිගා සූරියප්පෙරුම,සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයෝ රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී සමස්ත බාලක ශූරතාව මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට හිමිවූ අතර, අනුශූරතාව මාතර රාහුල විද්‍යාලයට හිමිවිය. සමස්ත බාලිකා ශූරතාව කුලියාපිටිය විශාකා බාලිකා විද්‍යාලයට ද අනුශූරතාව කුලියාපිටිය සුරදූතිකා බාලිකා විද්‍යාලයට ද හිමි විය.