විදෙස් සංචා­ර­ක­යන් පිරුණු දඹු­ල්ලට දැඩි ආර­ක්ෂා­වක්-හදිසි සෝදිසි කිරීම්

විදේ­ශීය සංචා­ර­ක­යන්ගේ පැමි­ණීමේ ශීඝ්‍ර වර්ධ­න­යත් සමඟ දඹුල්ල නග­රයේ සහ දඹුල්ල අවට සංචා­ර­ක­යන් ගැව­සෙන ප්‍රදේ­ශ­වල ඊයේ (25) අලු­යම සිට දැඩි ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී රෝහණ ගමගේ මහතා පැව­සීය.

පසු­ගිය දින කිහි­ප­යට සාපේ­ක්ෂව රංගිරි දඹුලු රජ­මහා විහා­ර­ස්ථා­නය ඇතුළු සංචා­රක හෝටල් මෙන්ම නග­රයේ විවිධ ස්ථාන­වල විදේ­ශීය සංචා­ර­ක­යන් විශාල පිරි­සක් ගැව­සෙන බවට නිරී­ක්ෂ­ණය වීමත් සමඟ විශේ­ෂ­යෙන්ම ආර­ක්ෂිත වැඩ­පි­ළි­වෙ­ළක් දඹුල්ල නග­රය පුරා ක්‍රියා­ත්මක කළ බව පොලි­සිය සඳ­හන් කළේය. ඒ අනුව දඹුල්ල සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යාගේ මෙන්ම මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රියේ රෝහණ ගමගේ මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ දඹුල්ල මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක වසන්ත කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩා­යම් රැසක් සංචා­රක පොලි­සියේ ද සහාය ඇතිව දඹුල්ල රජ­මහා විහා­රය, දඹුල්ල උය­න්වත්ත රජ­මහා විහා­රය ඇතුළු ආග­මික සිද්ධ­ස්ථාන මෙන්ම කණ්ඩ­ලම ඇරෑ­වුල, ඉනා­ම­ලුව,දඹුල්ල නග­රය ආදී සංචා­රක හෝටල් බහු­ත­ර­යක් ඇති ප්‍රදේ­ශ­වල විශේෂ පොලිස් ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් මෙන්ම හදිසි සෝදිසි කිරීම් මාර්ග බාධක යොදවා සැක කට­යුතු වාහන පරීක්ෂා කිරීම සැක කට­යුතු පුද්ග­ල­යන් පරීක්ෂා කිරීම දවස පුරා ක්‍රියා­ත්මක කෙරිණි.

මෙහි­දීම විදේ­ශීය සංචා­රක කණ්ඩා­යම් පොලිස් ආර­ක්ෂාව දැක දැඩි සතු­ටට පත්වීම විශේ­ෂ­ත්ව­යකි. එමෙන්ම ඇතැම් විදේ­ශීය සංචා­ර­ක­යින් කාන්තා පොලිස් නිල­ධා­රීන්ගේ ඡායා­රූප පවා ලබා­ගෙන සතු­ටින් පිටව යන අයුරු දැක ගැනී­මට හැකි විය.