මෙරට ධීවර අංශයේ ඔරොත්තු දීමේ හැකි­යාව ගොඩ­නැං­වී­මට නව තාක්ෂ­ණය-එ:ජා:ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­න­යෙන් පිය­වර

ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ ඔරොත්තු දීමේ හැකි­යාව ගොඩ­නැං­වී­මට නව්‍ය තාක්ෂ­ණය හඳු­න්වා­දී­මට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය (FAO) පිය­වර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂි­කර්ම සංවි­ධා­නය (FAO), නෝර්වේ රජයේ අර­මු­දල් ඇතිව උසස් සිසි­ලන තාක්ෂ­ණය සහිත සහ ඉන්ධන ඉතිරි කරන බල්බා­කාර ඇණි­ය­කින් සම­න්විත බහු­දින ධීවර යාත්‍රා­වක් ලබා­දී­මෙන් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ඔරොත්තු දීමේ හැකි­යාව සහ තිර­ස­ර­භා­වය ඉහළ නැංවී­මට ආද­ර්ශ­වත් ඉදිරි පිය­ව­රක් තබා ඇත. මේ මුල­පි­රීම මඟින් පසු අස්වනු හානි අවම කිරීම, මෙහෙ­යුම් පිරි­වැය අඩු කිරීම සහ දේශීය සහ අප­න­යන වෙළෙ­ඳ­පොළ වෙත සප­යනු ලබන මත්ස්‍ය නිෂ්පා­ද­න­වල ගුණා­ත්ම­ක­භා­වය ඉහළ නැංවී­මට නව තාක්ෂ­ණය අනු­ග­ම­නය කිරීම ප්‍රව­ර්ධ­නය කරයි.

ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳ­හාත්, විශේ­ෂ­යෙන්ම කෙළ­වල්ලා මත්ස්‍ය අප­න­යන කර්මා­න්තය සඳ­හාත්, අත්‍ය­වශ්‍ය වන බහු­දින ධීවර යාත්‍රා විසින් දීර්ඝ මුහුදු ගම­න්ව­ලදී මත්ස්‍ය අස්වැන්න කල් තබා ගැනී­මට බොහෝ විට භාවිත කරන්නේ අයිස් බව ද අයිස් භාවි­තය මත්ස්‍ය නිෂ්පා­ද­න­වල ගුණා­ත්ම­ක­භා­ව­යට හානි­කර වන අතර, පසු අස්වනු හානි­ව­ලට හේතු වන බවද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය විසින් 2022-2023 දී කරන ලද මත්ස්‍ය අලා­භය සහ අප­ද්‍රව්‍ය (FLW) තක්සේ­රු­වේදී ශ්‍රී ලංකාවේ බහු­දින ධීවර කර්මා­න්ත­යෙන් අල්ලා ගන්නා ලද මසුන් ඇල්ලී­මේදී සාමාන්‍ය තත්ත්ව පාඩු සිය­යට 41.4ක් විය. මේ අභි­යෝ­ග­යට මුහු­ණ­දීම සඳහා අලු­තින් නිෂ්පා­ද­නය කරන ලද බහු­දින ධීවර යාත්‍රා­වක FAO විසින් උසස් සිසි­ලන පද්ධ­ති­යක් ස්ථාප­නය කර ඇති අතර, ගමන පුරා­වට මත්ස්‍ය අස්වැන්න ප්‍රශස්ත උෂ්ණ­ත්ව­යක තබා ගැනීම එම­ඟින් සහ­තික කෙරේ.

මේ තාක්ෂ­ණය ධීවර කට­යු­තු­වල ඔරොත්තු දීමේ හැකි­යාව ශක්ති­මත් කරන අතර, නරක් වීම හා නාස්තිය අවම කර­මින් උසස් තත්ත්වයේ මත්ස්‍ය නිෂ්පා­දන වෙළෙ­ඳ­පො­ළට පැමි­ණීම සහ­තික කරයි. ශ්‍රී ලංකාවේ ධීවර අංශය සඳහා ඉන්ධන කාර්ය­ක්ෂ­ම­තාව ඉතා වැද­ගත් වන අතර බහු­දින යාත්‍රා එක් ගම­න­කට ඩීසල් ලීටර් 8,000ත් 11,000ත් අතර ප්‍රමා­ණ­යක් පරි­භෝ­ජ­නය කරන බැවින්, මෙහෙ­යු­ම්ක­රු­වන්ට එක් ගම­න­කට රුපි­යල් මිලි­යන 3 සිට 4 දක්වා මුද­ලක් වැය වේ. මේ විය­දම අඩු කිරීම සඳහා, FAO විසින් යාත්‍රා­ව­ලට බල්බා­කාර ඇණි සවි කිරීම සඳහා තාක්ෂ­ණික විශේ­ෂ­ඥ­තාව ලබා දෙන ලද අතර මේ නවෝ­ත්පා­ද­නය මගින් තරංග ප්‍රති­රෝ­ධය අවම කර­මින් සිය­යට 13කින් ඉන්ධන පරි­භෝ­ජ­නය අඩු කරයි.

මේ නවෝ­ත්පා­ද­නය මඟින් සිසි­ලන පද්ධ­තිය සඳහා අවශ්‍ය අති­රේක ඉන්ධන ඉතිරි කර දෙමින් බෝට්ටු හිමි­යන්ට දිගු කාලීන ආර්ථික ප්‍රති­ලාභ ලබා­දෙයි. රුපි­යල් මිලි­යන 1ක් පමණ වූ බල්බා­කාර ඇණිය සවි කිරීමේ විය­දම FAOහි තාක්ෂ­ණික සහාය ඇතිව බෝට්ටු හිමි­කරු විසින් දරන ලද අතර මෙම­ඟින් තිර­සර භාවි­තය අනු­ග­ම­නය කිරී­මේදී පෞද්ග­ලික අංශයේ කාර්ය­භා­රය ඉස්මතු කරයි.

ධීව­ර­යන් මුහුණ දෙන ප්‍රධාන අභි­යෝ­ග­යක් වන්නේ තම මත්ස්‍ය නිෂ්පා­දන සඳහා සාධා­රණ මිලක් ලබා ගැනී­මයි. අත­ර­මැ­දි­යන් බොහෝ විට ගුණා­ත්ම­ක­භා­වය සම්බන්ධ දැනුම අඩු­කම වංච­නික ගනු­දෙනු සඳහා භාවිත කරන අතර එම­ඟින් ධීව­ර­යන්ගේ ලාභ අඩු වේ. මෙයට පිළි­ය­මක් ලෙස, Yellowfin Tuna අප­න­යන ප්‍රමි­තීන් මත පද­නම්ව තත්‍ය කාලී­නව මත්ස්‍ය නිෂ්පා­ද­න­වල ගුණා­ත්ම­ක­භා­වය තක්සේරු කිරී­මට හැකි­වන පරිදි, කෘත්‍රිම බුද්ධි­යෙන් ක්‍රියා­ත්මක වන ජංගම යෙදු­මක් FAO විසින් සංව­ර්ධ­නය කෙරිණි.

මේ ඇප් එක විසින් එයට ලබා­දෙන සරල ඡායා­රූ­ප­යක් ඔස්සේ ක්ෂණි­කව ගුණා­ත්ම­ක­භා­වය පිළි­බඳ තක්සේ­රු­වක් ලබා­දෙන අතර එම­ඟින් ධීව­ර­යන්ට වඩා හොඳ මිල ගණන් වෙනු­වෙන් කේවල් කිරීම සඳහා බලය ලබා­දෙයි. මේ මෙව­ලම ඔස්සේ වඩාත් සාධා­රණ වෙළෙ­ඳ­පොළ ප්‍රවේ­ශ­යක් සහ සාධා­රණ මිලක් සහ­තික කිරීම මඟින් ධීවර ප්‍රජා­වන්ගේ ඔරොත්තු දීමේ හැකි­යාව වැඩි­දි­යුණු කරයි.

ධීවර හා ජලජ සම්පත් දෙපා­ර්ත­මේ­න්තුව වෙත භාරදී ඇති මේ තාක්ෂ­ණික මුල­පි­රීම් වනාහි තිර­සර භාවි­තය ප්‍රව­ර්ධ­නය කිරීම, පසු අස්වනු හානි අවම කිරීම සහ ධීවර ප්‍රජා­වන් සවි­බල ගැන්වීම මඟින් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ඔරො­ත්තු­දීමේ හැකි­යාව ගොඩ­නැ­ගීම සඳහා වන FAOහි පුළුල් කැප­වීමේ කොට­සකි. නවීන සිසි­ලන පද්ධති, ඉන්ධන-කාර්ය­ක්ෂම තාක්ෂ­ණය සහ කෘත්‍රිම බුද්ධිය මත පද­නම් වූ මෙව­ලම් ඒකා­බද්ධ කිරීම මඟින්, ධීවර අංශයේ ආර්ථික හා පාරි­ස­රික තිර­සා­ර­ත්වය සඳහා සහාය වන පරි­ව­ර්ත­න­යක් සඳහා FAO දායක වෙයි.