මධ්‍යම පළාත් සභාවේ ආය­තන රැස­කට සභා­ප­ති­වරු පත් කෙරේ

මධ්‍යම පළාත් ආණ්ඩු­කාර එස්.බී.එස්. අභ­ය­කෝන් මහතා විසින් පළාත් සභාවේ ආය­තන කිහි­ප­යක් සඳහා සභා­ප­ති­ව­රුන් පත්කි­රීම පසු­ගි­යදා මහ­නු­වර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදි සිදු කෙරිණි. ඒ අනුව මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ නව සභා­පති ලෙස ගාමිණී රාජ­ක­රුණා, මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රියේ නව සභා­පති ලෙස බී.එස්.කේ. ලංකේ­ෂ්වර්, පළාත් මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ නව සභා­පති ලෙස පී.පී.ඒ.එන්. චන්ද්‍ර­සිරි සහ මධ්‍යම පළාත් පුස්ත­කාල සේවා මණ්ඩ­ලයේ නව සභා­පති ලෙස ඒ.ජී. ධන­පාල මහ­ත්ව­රුන් පත් කර තිබේ.