බණ්ඩා­ර­වෙල මාර්ග­යට මහ ගහක් කඩා­වැටී වාහන ධාව­න­යට බාධා

පස්සර ඇල්ල හරහා බණ්ඩා­ර­වෙල මාර්ගයේ 17 කනුව ප්‍රදේ­ශ­යේදී ඊයේ (25) පස්ව­රුවේ මාර්ග­යට විශාල ගසක් කඩා­වැ­ටී­මෙන් රථ­වා­හන ධාව­න­යට බාධා සිදුව ත්‍රිරෝද රථ­ය­ක­ටත් අලා­භ­හානි වී ඇතැයි ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යා­ලය පව­සයි.

මාර්ගය අසල තිබූ මේ විශාල ගස එක්ව­රම මාර්ග­යට කඩා­වැටී ඇති බවත් ඒ අසල මාර්ගය අයිනේ නවතා තබා තිබූ ත්‍රිරෝද රථ­ය­ක­ටත් මින් අලා­භ­හානි වී ඇතැයි කාර්යා­ලය සඳ­හන් කළේය.

මින් කිසි­ව­කුට හෝ අන­තු­රක් සිදු වී නැත. මාර්ග­යට කඩා­වැටී ඇති ගස කපා ඉවත් කර මාර්ගයේ රථ වාහන ධාව­න­යට ඉඩ කඩ සලසා දීමට කට­යුතු සිදු කරන බව ද ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ බදුල්ල දිස්ත්‍රික් සහ­කාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උද­ය­කු­මාර මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.