ඔත්තු බැලීමේ චෝද­නා­වට චීන කාන්තා­වක් ජර්ම­නි­යේදී අත්අ­ඩං­ගු­වට

ජර්ම­නියේ ආර­ක්ෂක කට­යුතු සම්බ­න්ධව ප්‍රධා­න­තම ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­න­යක් වන ලිප්සිග් නුවර ගුව­න්තො­ටු­පොළේ තොර­තුරු චීන බුද්ධි ඒක­ක­යට ලබා­දුන් බවට සැක කරන චීන කාන්තා­වක් එරට පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගුව­න්තො­ටු­පොළේ සැප­යුම් සේවා ලබා­දෙන සමා­ග­මක සේවයේ නිර­තව සිටි 38 හැවි­රිදි එම කාන්තාව ගුව­න්තො­ටු­පොළේ සිට පියා­සර කරන ගුවන් යානා, මගීන් සහ හමුදා භාණ්ඩ ප්‍රවා­හන ගුව­න්යානා ඇතුළු තොර­තුරු අඛ­ණ්ඩව චීන බුද්ධි අංශ වෙත සපයා ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එම ගුව­න්තො­ටු­පොළ විශේ­ෂ­යෙන් යුක්රේ­නය වැනි රට­ව­ලට හමුදා උප­ක­රණ අප­න­ය­නය කිරීමේ මධ්‍ය­ස්ථා­නය ලෙස භාවිත කරන බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ගුව­න්තො­ටු­පොළේ ආර­ක්ෂක කට­යුතු පිළි­බඳ තොර­තුරු සැප­යීමේ චෝදනා ලැබූ දෙවැනි සැක­කරු වන තවත් චීන ජාති­ක­යකු මේ වසරේ මුල් භාග­යේදී අත්අ­ඩං­ගු­වට පත්වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.