ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිංහල, දෙමළ, මුස්ලිම් පුරවැසියන් වශයෙන් වෙන්ව නොව ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස එක් කරගනිමින් රට දියුණු කළ යුතුයැයි කරන ප්‍රකාශය තමා අගය කරන බව ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය වන ජස්ටිනා බොයිලට් (Jus tine Boillat) මහත්මිය පැවසුවාය.
නැඟෙනහිර පළාතේ සංචාරයක නියැලුණු පළමු ලේකම්වරිය පෙරේදා (24) ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මුණගැසී මේ කරුණු අවධාරණය කළාය.
වත්මන් නැඟෙනහිර පළාතේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මධ්‍යම රජය හා එක්ව ජාතික වැඩපිළිවෙළක් යටතේ ඉදිරියේදී නැඟෙනහිර පළාතක දියුණු කිරීමට සැලසුම් කර ඇති බවක් කීවේය. අධ්‍යාපන, සෞඛ්‍ය හා සංචාරක යන ක්ෂේත්රවලට ප්‍රමුඛත්වය දී ඇති බව ආණ්ඩුකාරවරයා මෙහිදී පැව්සීය. නැඟෙනහිර පළාත සිංහල, දෙමළ,මුස්ලිම් ජන සංයුතියකින් යුක්ත වන අතර, එම ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දී ජාතික සමඟිය ගොඩනැඟීමට තමා වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළේය.