ශිෂ්‍ය භට බළ­කායේ පුහු­ණුව ලබන අයෙක් සමා­ජ­යට වැඩ­දායී විදි­යට ජීවත් වෙනවා-වැඩ බලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය කළු­තර දී කියයි

“ශිෂ්‍ය භට බළ­කායේ පුහු­ණුව ලබන අයෙක්, තමා ජීව­ත්වන සමා­ජ­යට ගෞර­ව­යක් ලබා­දෙ­මින් සමා­ජ­යට වැඩ­දායී පුද්ග­ල­යකු ලෙස ජීවත් වෙනවා. පොලිස් ශිෂ්‍ය භට බළ­කායේ අර­මුණ වින­ය­ග­රුක සමා­ජ­යක් බිහි කිරීම යැයි වැඩ බලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පෙරේදා (24) කළු­තර දී ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ශිෂ්‍ය භට බාලක බාලි­කා­වන් 1500කගේ සහ­භා­ගි­ත්ව­යෙන් කළු­තර පොලිස් විද්‍යා­ල­යීය අළු­වි­හාරේ පිටියේ පැවති සමස්ත ලංකා පොලි­ස්පති කුස­ලාන ජාතික ශිෂ්‍ය භට කඳ­වුරේ සමාප්ති උත්ස­ව­යට සහ­භාගි වෙමිනි.

රට පුරා පාසල් නියෝ­ජ­නය කර­මින් බාලක කණ්ඩා­යම් 40ක් හා බාලිකා කණ්ඩා­යම් 20ක් මේ සඳහා එක්ව සිටි­යහ.

එහිදී තව­දු­ර­ටත් වැඩ බලන පොලි­ස්ප­ති­ව­රයා මෙසේ ද කීය.

ජාතික ශිෂ්‍ය භට බළ­කාය ආරම්භ වූයේ 1972 වසරේ ස්ටැන්ලි සේනා­නා­යක මහතා පොලි­ස්ප­තිව සිටි­ය­දීයි. ඒ මැලේ­සි­යානු ශිෂ්‍ය භට කණ්ඩා­යම් අනුව යමින්. පසුව පූජිත් ජය­සු­න්දර මහතා පොලි­ස්ප­තිව සිටි­යදී මෙය ප්‍රති­සං­වි­ධා­න­යට ලක් වුණා. මා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­තිව සිටි­යදී තමන්ද මේ සඳහා එක් කර ගන්නා ලෙස දෙමළ මාධ්‍ය පාස­ල්ව­ලින් පවා ඉල්ලීම් ආවා. මේ වන­විට මනා සැල­සු­ම­කින් යුතුව බොර­ලන්ද ශිෂ්‍ය භට කඳ­වුර ක්‍රියා­ත්ම­කයි.

බස්නා­හිර පළාතේ පම­ණක් වයස අවු­රුදු 18ට අඩු දරු­වන් 544ක් මත්ද්‍ර­ව්‍ය­ව­ලට අදා­ළව අත්අ­ඩං­ගු­වට පත්ව සිටි­නවා. මුළු රටේම එවැනි අනා­ර­ක්ෂිත හා වින්දිත දරු­වන් දහ­දා­හ­කට වැඩියි. ඔවුන් සම්බ­න්ධ­යෙන් රජය සහ තවත් ආය­තන සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්ම­කයි.

ශ්‍රී ලංකා පොලි­සිය, ජාතික සංහි­ඳි­යාව ඇති කිරීමේ අභි­ලා­ෂ­යෙන් මේ කඳ­වුර සංවි­ධා­නය කර තිබෙ­නවා.”

ජාතික ශිෂ්‍ය භට බළ­කායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි චින්තක ගුණ­රත්න මහතා ඇතුළු තවත් කිහිප දෙනෙක්ම මෙහිදී කතා කළහ.

හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර,මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් මාලිගා සූරි­ය­ප්පෙ­රුම,සබ­ර­ග­මුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සංජීව ධර්ම­රත්න මහත්ම මහ­ත්මීන් ඇතුළු ආරා­ධි­තයෝ රැසක් ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

මෙහිදී සමස්ත බාලක ශූර­තාව මහ­නු­වර විද්‍යාර්ථ විද්‍යා­ල­යට හිමිවූ අතර, අනු­ශූ­ර­තාව මාතර රාහුල විද්‍යා­ල­යට හිමි­විය. සමස්ත බාලිකා ශූර­තාව කුලි­යා­පි­ටිය විශාකා බාලිකා විද්‍යා­ල­යට ද අනු­ශූ­ර­තාව කුලි­යා­පි­ටිය සුර­දූ­තිකා බාලිකා විද්‍යා­ල­යට ද හිමි විය.

ආචාර පෙළ­පා­ළිය පරික්ෂා කර­මින්