ත්‍රිරෝද රියැ­දු­රකු රථය ධාව­නය වෙද්දිම මිය­ගි­හින්

වර­කා­පොළ, උඩු­කු­ඹුර, නාපේ උස්වත්ත ප්‍රදේ­ශයේ දී ධාව­නය වෙමින් තිබුණු ත්‍රිරෝද රථ­යක රියැ­දුරු පෙරේදා (24) හදි­සියේ රෝගා­තුර වී මිය­යාම හේතු­වෙන් එම රථය මාර්ග­යෙන් ඉව­තට ඇදී ගොස් කම්බි වැටක පැටලී නතර වී ඇතැයි වර­කා­පොළ පොලි­සිය කියයි.

මෙලෙස රථය තුළම මිය­ගොස් තිබුණේ කෑගල්ල, තුංතොට, පනාන ඩී 31/2 ලිපි­නයේ පදිං­චිව සිටි 71 හැවි­රිදි කන්දේ හේවා­ය­ලාගේ චන්ද්‍ර­රත්න නමැති තිදරු පියෙකි.

මර­ණ­කරු අස­ල්වැ­සි­යකු සමඟ කෑගල්ල මහ රෝහලේ නේවා­සි­කව ප්‍ර‍තිකාර ලබන රෝගි­යකු බැලී­මට ගොස් නැවත නි‍ෙව­සට පැමි­ණෙ­මින් සිටි­යදී මෙම සිදු­වීම සිදුවී තිබේ. එම අව­ස්ථා­වේදී මර­ණ­ක­රුගේ ඥාතීන් දෙදෙ­නකු ද ත්‍රිරෝද රථයේ පසු­පස අසුනේ සිට ඇති බව පොලි­සිය කියයි.

උඩු­කු­ඹුර, නාපේ, උස්වත්ත ප්‍රදේ­ශයේ ගමන් කර­මින් සිටි ත්‍රිරෝද රථයේ රියැ­දු­රාගේ බෙල්ල එක­වර කඩා වැටී, රථය මාර්ග­යෙන් ඉව­තට ගොස් කම්බි වැටක ගැටී නතර වී ඇති බවත්, පසුව ත්‍රිරෝද රථයේ පිටු­පස ගමන් කර­මින් සිටි දෙදෙනා හා අස­ල්වැ­සි­යන් එක්ව රථයේ ප‍ෙස­කට වැටී සිටි මර­ණ­කරු වෙනත් ත්‍රිරෝද රථ­ය­කින් වර­කා­පොළ රෝහ­ලට රැගෙන ගොස් ඇති බවත් පොලි­සිය පව­සයි. පසුව වර­කා­පොළ රෝහලේ බාහිර රෝගී අංශයේ සිටි වෛද්‍ය­ව­රයා පරික්ෂා කර බලා රිය­කරු මිය­ගොස් ඇති බව දන්වා ඇති බව ද පොලි­සිය පැව­සීය.

මිය­ගිය තිදරු පියාගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය ඊයේ (25) කෑගල්ල මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය නිරං­ජලා කුල­තුංග මහ­ත්මිය සහ වර­කා­පොළ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ හදිසි මරණ පරී­ක්ෂක එල්. විම­ල­සිරි රාජ­පක්ෂ මහතා විසින් සිදු­ක­රනු ලැබූ අතර, එහිදී මර­ණ­කරු හෘද­යා­බා­ධ­ය­කින් මිය ගොස් ඇති බවට තීර­ණය කෙරිණ. වර­කා­පොළ පොලි­සියේ රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක රංජිත් ප්‍රේම කුමාර මහ­තාගේ උප­දෙස් පරිදි පොලිස් සැර­යන් උපාලි ජය­සිංහ (48589) විම­ර්ශන කට­යුතු සිදු කළේය.