ඩානා සුළි කුණා­ටුවේ බල­පෑම් අඩු වෙයි

ඉන්දි­යාවේ බෙංගාල මුහුදු තීර­යෙන් ඔඩීෂා ප්‍රාන්ත­යට ඇතු­ළුවූ ‘ඩානා‘ සුළි කුණා­ටුව අවම අාපදා තත්ත්ව­ය­කින් පසු ක්‍රම­යෙන් පහව යමින් පව­තින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පස්ව­රුවේ ඔඩීෂා ප්‍රාන්ත­යට කඩා වැදුණු සුළි කුණා­ටු­වෙන් මහා­මාර්ග සහ විශාල ගස් කඩා වැටු­ණද, වාර්තා වූයේ එක් ජීවිත හානි­යක් පම­ණක් බව එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. සුළි කුණා­ටුව හේතු­වෙන් අත්හි­ටුවා තිබූ දුම්රිය ධාව­නය සහ ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇතැයි බට­හිර බෙංගා­ලයේ ප්‍රධාන ඇම­ති­නිය මමතා බෙනර්ජි ප්‍රකාශ කර තිබේ. ඊයේ වන විට දුර්වල වූ ‘ඩානා‘ සුළි කුණා­ටුව රාත්‍රිය වන විට උතුරු ඔඩීෂා දෙසින් වයඹ දෙසට ගමන් කර දුර්වල වනු ඇතැයි ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අනා­වැකි පළ කර තිබිණි. කෙසේ වුවද ඇතැම් පළා­ත්වල අඩු පහ­සු­කම් යටතේ ඉදි කළ කුඩා නිවා­ස­ව­ලට පම­ණක් හානි සිදුවී ඇති අතර, ගස් කඩා වැටීම හේතු­වෙන් මහා­මාර්ග සහ විදුලි රැහැ­න්ව­ලට හානි සිදුවී ඇතැයි වාර්තා වේ. සුළි කුණා­ටු­වත් සමඟ ඇද හැලුණු අධික වර්ෂා­වෙන් මහා­මාර්ග රැසක් ජල­යෙන් යටවී ඇතැයි ද එරට මාධ්‍ය සඳ­හන් කළේය.