කහ­තු­ඩු­වේදී මාළු ලොරිය සිමෙන්ති ලොරි­යක ගැටී මාළු පාර පුරා-මාළු ලොරියේ රියැ­දු­රුට තුවාල

දක්ෂිණ අධි­වේගී මාර්ගයේ කිලෝ­මී­ටර් 8 දශම 5 කහ­තු­ඩුව ප්‍රදේ­ශ­යේදී ඊයේ (25) අලු­යම මාළු ලොරි­යක් සිමෙන්ති පැටවූ ලොරි­යක ගැටී­මෙන් මාළු ලොරියේ රියැ­දුරු තුවාල ලබා රෝහ­ල්ගත කළ බව දක්ෂිණ අධි­වේගී රථ­වා­හන පොලි­සිය කියයි.

එම අන­තු­රින් මාළු ලොරිය කැබලි කිහි­ප­ය­කට කැඩී මාළුත් සමඟ මාර්ගය පුරා විසිරී තිබූ බව පොලි­සිය සඳ­හන් කරයි. බහා­ලු­මක සිමෙන්ති කොට්ට 350ක් පට­වා­ගෙන ඉමු­දූව කරා යමින් සිටි ලොරි­යක පිටු­ප­සින් අධි ශීත­ක­රණ සහිත ලොරි­යක මාළු පට­වා­ගෙන ගාල්ල දෙසට යමින් සිටි­යදී ඉදි­රි­යෙන් ගමන් ගත් සිමෙන්ති පැටවූ ලොරියේ පිටු­පස ගැටී මේ අන­තුර සිදුවී තිබූ බව පොලි­සිය කියයි.

එම අන­තු­රත් සමඟ ලොරියේ ඉදි­රි­පස මුහු­ණත කොටස සහ අධි ශීත­ක­රණ සහිත පිටු­පස කොටස සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වී තිබූ අතර කොළඹ දෙසට සහ ගාල්ල දෙසට මාර්ගය පුරා කොට‍ෙස් සහ මාළු විසිරී තිබුණි. ලොරියේ රියැ­දුරු තංගල්ල පදිංචි 46 හැවි­රිදි කහ­තු­ඩුව වෑතර රෝහල වෙත ඇතු­ළත් කෙරිණි. අන­තු­රත් සමඟ ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන මාර්ගයේ දකුණු මං තීරු­වත් කොළඹ දෙසට වාහන ගමන් ගන්නා දකුණු මං තීරුව සම්පූ­ර්ණ­යෙන්ම මාළු­ව­ලින් සහ වාහ­නයේ කොට­ස්ව­ලින් ඇහිරී තිබිණි. මාළු ලොරියේ රියැ­දු­රුට නින්ද යාම හෝ අප­රී­ක්ෂා­කාරී රිය ධාව­නය හේතු­වෙන් මේ අන­තුර වන්නට ඇතැයි පොලි­සිය සැක කරයි.

දක්ෂිණ අධි­වේගී රථ­වා­හන ගැල­නි­ගම පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අශෝක කරු­ණා­රත්න මහ­තාගේ උප­දෙස් මත පොලිස් පරී­ක්ෂක චන්දන පොලිස් සැර­යන් (13516) රත්න­සිරි පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (82439) කොළ­ඹගේ (78843) චන්දන මහ­ත්වරු පරී­ක්ෂණ පව­ත්වති.