16 වන බ්‍රික්ස් නායක සමුළුවේදී චීන ජනපතිගෙන් නව යෝජනා

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 16 වන බ්‍රික්ස් නායක සමුළුවට එක්වෙමින් වැදගත් දේශනයක් පැවත්වීය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව පසුගියදා (23) පෙරවරුවේ රුසියාවේ Kazan නගරයේ දී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා, ඊජිප්තු ජනාධිපති Abdul Fatah Al-Sisi මහතා, ඉන්දියානු අග්‍රාමාත්‍ය Narendra Modi මහතා, ඉරාන ජනාධිපති Masoud Pezeshkian මහතා, දකුණු අප්‍රිකා ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා ඇතුළු නායකයෝ එම සමුළුවට සහභාගි වූහ.

ෂී ජින් පිං මහතා එම සමුළුව අමතමින් කියාසිටියේ පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු බ්‍රික්ස් රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බවයි.

පොදු ආරක්ෂාව සහතික කිරීම සඳහා ‘සාමකාමී බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ගොඩනැංවිය යුතු බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම ‘නවෝත්පාදනයෙන් යුත් බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ගොඩනැංවීමෙන් ගුණාත්මක සංවර්ධනය සහතික කළ යුතු වේ. තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ‘හරිත බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ නිර්මාණය කළ යුතු බවත්, ගෝලීය පාලන පද්ධතිමය ප්‍රතිසංස්කරණයට මඟපෙන්වීම සඳහා ‘සාධාරණත්වයෙන් යුත් බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ද ගොඩනැංවිය යුතුව ඇත. එසේ ම, ‘මානුෂීය බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ඔස්සේ සහජීවනයෙන් පිරි ශිෂ්ටාචාරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය.

මේ අතර, චීන ජනාධිපතිවරයා කියාසිටියේ චීනය බ්‍රික්ස් රටවල් වෙනුවෙන් ගැඹුරු මුහුදේ සම්පත් සඳහා වන ජාත්‍යන්තර පර්යේෂ මධ්‍යස්ථානය ස්ථාපිත කරන බවයි. එමෙන් ම, බ්‍රික්ස් රටවල විශේෂ ආර්ථික කලාප චීන සහයෝගිතා මධ්‍යස්ථානය, බ්‍රික්ස් රටවල කාර්මික ශක්‍යතා චීන මධ්‍යස්ථානය, බ්‍රික්ස් රටවල ඩිජිටල් කර්මාන්තය සඳහා වන ජෛව සහයෝගීතා ජාලය ස්ථාපිත කිරීමට ද චීනය සූදානම් බව හෙතෙම කියාසිටියේය.

එසේ ම, නව සංවර්ධන බැංකුව වඩාත් විධිමත් අයුරින් පවත්වා ගෙන යා යුතු බවත්, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය, ලෝක ආර්ථික ප්‍රවණතා වඩාත් හොඳින් පිළිබිඹු කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම සමුළුවේදී ‘16 වන බ්‍රික්ස් නායක සමුළුවේ Kazan ප්‍රකාශනය’ නිකුත් කර ඇති අතර බ්‍රික්ස් හවුල්කාරී රටවල් ප්‍රකාශයට පත් කිරීම ද සිදු කෙරිණ.