වේගවත්ම එක්දින ද්විත්ව ශතකය නවසීලනත්යේ චැඩ් බෝස්ගෙන්

නවසීලනත්යේ චැඩ් බෝස් වේගවත්ම පළමු පෙළ එක්දින ද්විත්ව ශතකයේ ලෝක වාර්තාවට හිමිකම් කියයි, ඔහු නවසීලන්ත දේශීය එක්දින ක්‍රිකට් කුසලානයේ කැන්ටබරි වෙනුවෙන් ක්‍රීඩා කරමින් පන්දු 103කදී ද්විත්ව ශතකයක් සම්පූර්ණ කළේය. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ ඉන්දියාවේ නරේන් ජගදිසන් මෙයට පෙර පන්දු 114කදී ලබාගත් ද්විත්ව ශතක වාර්තාව චැඩ් බෝස් බිඳ දැමීය.

කන්ට්‍රිබරි සහ ඔටාගෝ වෝල්ට්ස් අතර හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පහරදුන් කන්ට්‍රිබරි පිල ඕවර 50 තුළ කඩුලු 9කට ලකුණු 343ක් රැස් කළ අතර, එහිදී චැඩ් බෝස් හයේ පහර 7ක් සහ හතරේ පහර 27ක් සමඟ ලකුණු 205ක් රැස් කළ අතර ඔටාගෝ පිල ලකුණු 103කට දැවී ගියේය.

චැඩ් බෝස් නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 6කට සහ විස්සයි20 තරග 11ක් නියෝජනය කර ඇති අතර, පළමු පෙළ තරග 99කට ක්‍රීඩා කර ඇත.