වැසිකිළි පිරිසිදු කරන්න ගිය පාසල් ළමුන් පිරිසක් රෝහලේ

හදිසියේ ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ නගරයේ පාසලක ගැහුණු ළමුන් පිරිසක් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ සිසුවියන් කිහිපදෙනෙකු අද (25) යම් රසායනික ද්‍රාවණයක් යොදා කාන්තා වැසිකිළිය පිරිසිදු කර තිබුණි.

අනතුරුව එම ළමුන් සහ එම වැසිකිළියට ගිය තවත් ළමුන් පිරිසක් යම් රෝගී තත්ත්වයකට පත්වීම හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

එහිදී අදාළ සිසුවියන් ක්ලාන්තය හා ආසාදන තත්වයන් වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඔවුන්ව රෝහල්ගත කිරීමට පාසල් බලධාරීන් පියවර ගෙනෙ ඇත.