ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පිපිරීමෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පවතින ගැටුම්වලින් ලෙබනනයේ පුද්ගලයින් 2,600 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.