ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය නොවැම්බර් 14 පැවැත්වෙනවා-ජනාධිපති අනුර කුමාර දිසානායක පොලොන්නරුවේදී කියයි

– කඩේ හාල් හිඟයක් තිබුණට රටේ හාල් හිඟයක් නෑ
– අවබෝධයෙන් වැඩ කරන්න මෝල් හිමියන් සූදානම් නැත්නම් නීතියෙන් වැඩ කරන්න අපි සූදානම්
– මේ වෙලාවේ රටට තියෙන්න ඕනෑ අව­බෝ­ධ­යෙන් වැඩ කරන්න මෝල් හිමි­යන් සූදා­නම් නැත්නම් නීති­යෙන් වැඩ කරන්න අපි සූදා­නම් ආණ්ඩු­වක්
– සෑම කුඹු­රක්ම වගා­ අව­බෝ­ධ­යෙන් වැඩ කරන්න මෝල් හිමි­යන් සූදා­නම් නැත්නම් නීති­යෙන් වැඩ කරන්න අපි සූදා­නම් වී මිල දී ගන්න වැඩ­පි­ළි­වෙ­ළක් අපි හද­නවා

නොවැම්බර් 14 යනු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පවත්වන දිනය බවත්, 14 දින ජයග්‍රහණයෙන් පසුව ක්‍රමානුකූලව රට ගොඩනැඟීමට, ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට සහතික වෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

‘රටේ හාල් හිඟයක් ගැන ප්‍රවෘත්ති පළවෙනවා. කඩේ හාල් හිඟයක් තිබුණට රටේ හාල් හිඟයක් නැහැ. ඒ නිසා අපි සහල් මෝල් හිමියන් හමුවුණා. අපි කිව්වා ඔවුන් සමඟ අවබෝධයෙන් කටයුතු කරන්න සූදානම් කියලා. එයට එකඟ නැත්නම්, නීතියෙන් වැඩ කරන්න සූදානම් බවත් කියල තියෙන්නේ’ යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ, ජාතික ජන බලවේගය ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් පොලොන්නරුවේ පැවැත්වූ ජන රැලිය අමතමිනි. මෙය පෙරේදා (23) පස්වරුවේ පැවැත්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා –

පොලොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මේ රටේ ජනතාව ජනාධිපතිවරණයේදී මේ රට නව දිශාවකට යොමු කිරීම සඳහා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවනු ලැබුවා.

ජනාධිපතිවරණ වේදිකාවේදී ජාතික ජන බලවේගයට එරෙහිව සිටි කඳවුරෙන් මොනවාද නොකීවේ. හාමුදුරුවන්ට දානය නැති වෙයි කිව්වා. අවසන් පෝය කිව්වා. භීෂණයක් ඇතිවෙයි කිව්වා. තවත් බොහෝ දේවල් කිව්වා. ඒ සියල්ල අසත්‍ය ප්‍රබන්ධ බව ගෙවී ගිය මාසය තුළදී තහවුරු වී හමාරයි. ජාතික ජන බලවේගයට එරෙහිව එම චෝදනා එල්ල කළ අයට අද රැස්වීමක් තියා ගන්න බැරිවෙලා. බොරු අහන්න කවුද එන්නේ. බොරු අහන්න ජනතාව සූදානම් නැති නිසා ඔවුන්ගේ අවලාද තුළම ඔවුන් සිරකරුවන් බවට පත්වෙලා.

මේ මහාමැතිවරණය කිසිදු තරගයක් නැති, කම්මැළි ඡන්දයක් බව සමහර අය කියනවා. තරගයේ ඉන්නේ මාලිමාව විතරයි. නමුත්, මේ මැතිවරණයෙන් ලංකා ඉතිහාසයේ සුවිශේෂීම ජයග්‍රහණය ජාතික ජන බලවේගයට ජනතාව ලබාදෙන බව සහතිකයි. පසුගිය පාර්ලිමේන්තුව ගැන ජනතාවට තිබුණේ විරෝධයක්. රත්තරන් හොරෙන් ගෙනැවිත් රේගුවේදී අහුවුණු අය පසුවදා පාර්ලිමේන්තුවට ඇවිත් නීති හදන්න අත ඉස්සුවා. මන්ත්‍රීවරු එහෙට මෙහෙට පැන්නා. කුමන පිලේ ඉන්නවද කියලා ජනතාවට තේරුම් ගැනීමට බැරි විකෘතියක් ඇතිවෙලා තිබුණා. එහෙම නම්, නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ මාලිමාවේ කණ්ඩායමෙන්. අපි එහෙම කියන කොට කට්ටියක් ශක්තිමත් විපක්‍ෂයක් හදන්න කතා කරනවා. මේ වෙලාවේ රටට තියෙන්න ඕනෑ බලවත්ම ආණ්ඩුවක්. වැඩ ගොඩක් කරන්න ඕනෑ. පියවරෙන් පියවර රට ස්ථාවර කිරීමේ සැලැසුම් සකස් කර ක්‍රියාත්මක කරන්න ඕනෑ.

සංචාරක කර්මාන්තයට අවශ්‍ය සහල් හැර සහල් ඇටයක් ආනයනය නොකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සෑම කුඹුරක්ම වගාකරන්න කියලා අපි ගොවි ජනතාවට කියනවා. ඒ වී මිලදී ගන්න අපි වැඩපිළිවෙළක් හදනවා. ගොවියාට ශක්තිමත් ආදායම් මාර්ගයක් ලැබෙන ලෙස කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය පරිවර්තනය කරන්න අපි සැලැසුම් කොට තිබෙනවා.

ඒ වාගේම විශ්‍රාමිකයන්ට, ‘අස්වැසුම’ ලබන්නන්ට, පාසල් යන දරුවන්ට අවශ්‍ය දීමනාවක් ලබා දීමේ සැලැසුම් සකස් කරනවා. ලංකාවේ පළමු වතාවට ගොඩනඟා තිබෙන ජනතාවාදී ආණ්ඩුව රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කරන්න ක්‍රියා කරමින් තිබෙනවා. අපි ඕනෑම තීන්දුවක් ගන්නේ මේ රටත්, ජනතාවත් ප්‍රමුඛ කොට තබාගෙනයි. අපේ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ. ඒ නිසා පරාජිත කණ්ඩායම් කලබලයට පත් වී ඔවුන්ගේ මුළු දේශපාලනයම කොළඹ පවත්වන මාධ්‍ය සාකච්ඡාවලට සීමා වෙලා තිබෙනවා. ඒ සියලු කතා දුකට කියන කතා පමණයි.