මහමැතිවරණයට නිරීක්ෂකයෝ 5000ක්-පැෆ්රල් සංවිධානය

පාර්ලිමේන්තු මැතිවරණයට නිරීක්ෂකයන් 5000ක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි.

ඊට අදාළ පුහුණු කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දිනමිණට පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයට නිරීක්ෂකයන් 5000ක් යෙදවූ බවද හෙතෙම සඳහන් කළේය.