ඇල්පිටිය පුංචි ඡන්දයට ඡන්ද පෙට්ටි ස්ථාන ගත කෙරේ

හෙට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණයට අදාළ නිළධාරීන් හා ඡන්ද පෙට්ටි ස්ථාන ගත කිරීම අද (25) උදෑසන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු විය

හෙට  පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ජන්ද දැමිමසිදු කරනු ලබන අතර ඉන් පසු ජන්ද මධ්‍යස්ථානයදිම ජන්ද ගණන් කර ඒ ඒ කොට්ඨාශ සදහා ඉදිරිපත් වි සිටි අපේක්ෂකයින්  ලබාගත් ජන්ද  ප්‍රකාශයට පත්කර අවසන් ප්‍රතිඵල නිකුත් කිරිම සදහා නිළ තොරතුරු ගාල්ල  තේරිම් භාර  නිළධාරි  වෙත ඉදිරිපත් කිරිමට නියමිතය

ඉන් පසු  හෙට  මධ්‍යම රාත්‍රියට ප්‍රථම අවසන් නිළ ප්‍රථිපලය නිකුත් කිරිමට හැකිවන ඇතැයි ගාල්ල  තේරීම් භාර නිළධාරි  ගාල්ල දිස්ත්‍රික් ලේකම්  ඩබ්ලිව්  ඒ.ධර්මසිරි මහතා පැවසිය