ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු නිලධාරී ජැඩ්සන් බිග්රාඩෝ (Jadson Bigrado) මහතා ඇතුළු නියෝජිත පිරිසක් පෙරේදා (22) මන්නාරමේ නිරීක්ෂණ චාරිකාවක නිරත ඇත.
ඔවුන් එම ප්‍රදේශයේ සිදු වන සංවර්ධන කටයුතු පිළිබඳව සහ මන්නාරමේ සුළං බල විදුලි උත්පාදන බලාගාර සම්බන්ධයෙන් ද මහජන අදහස් විමසා තිබේ. මන්නාරමේ සමාජ, ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානයේදී මන්නාරමේ තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් සමඟ මේ දූත පිරිස අදහස් හුවමාරු කරගෙන තිබේ.
එහිදී නව ජනාධිපතිවරයා පත්වීම සම්බන්ධයෙන් සහ ඉදිරි මහමැතිවරණය පිළිබඳවද අදහස් විමසා ඇති අතර, මන්නාරමේ වැසියන්ගේ ආර්ථික උත්පාදන මාර්ග පිළිබඳවද කරුණු විමසා තිබේ.